එන වසරේ ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්‍ෂකයා ගෝටා.. ඉන්පසු ජනාධිපති ගෝඨා.. විධායක අගමැති මහින්ද..

එන වසරේ ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්‍ෂකයා ගෝටා.. ඉන්පසු ජනාධිපති ගෝඨා.. විධායක අගමැති මහින්ද..

ලබන 2019 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත් කරන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

‘ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපත වෙනකොට විධායක අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා බලයට ගෙනෙන් සැලසුමේ තීරණාත්මක මැතිවරණයක් මෙම පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන්නෙ’ යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

පනත සම්මත වුවත් උතුරුමැද, සබරගමු, නැගෙනහිර පළාත් සභා විසුරුවා හැරේ.. මහීපාල, පේෂල ඇතුළු මැති ඇමති රොත්තම ඡන්දය එන තෙක්ම ගෙදර..

පනත සම්මත වුවත් උතුරුමැද, සබරගමු, නැගෙනහිර පළාත් සභා විසුරුවා හැරේ.. මහීපාල, පේෂල ඇතුළු මැති ඇමති රොත්තම ඡන්දය එන තෙක්ම ගෙදර..

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කලද නියමිත පරදි මේ මස 26 වැනිදා සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභාවන්හි ධුර කාලය අවසන් වෙයි.

ඉන් පසු ඔක්තොම්බර් 02 වැනිදා වන විට එම සභාවල සභාපති ධුරයන් හැර සෙසු සියළු මැති ඇමති තනතුරු අහෝසි වන අතර කවදා හෝ මැතිවරණයක් පැවැත්වෙන තෙක් ආණ්ඩුකාරයා හරහා සීමිත පරිපාලනයක් පවත්වාගෙන යා හැකිය.

ඒ අනුව මෙම පළාත් සභාවන්හි සිටින සියළු එජාප හා ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන්ට ධුරයන් අහෝසියත් සමග මැතිවරණය එන තෙක් කොතරම් කාලයක් බල සිටීමට සිදුවේදැයි කිව නොහැක්කේ සම්මත වූ පනත අනුව කොට්ඨාශ ක‍්‍රමයට සීමා වෙන් කිරීම හා කාන්තා නියෝජනය 30% ගැසට් කරන්නේ කවදාදැයි තීරණයක් මෙතෙක් නැති හෙයිනි.

මෙම සියළු පළාත්වල මහ ඇමති තනතුරු දෙකක් ඇතුළු වැඩිම තනතුරු ප‍්‍රමාණයක් දරන්නේ ශ‍්‍රීලනිප නියෝජිතයින් වීමද විශේෂත්වයකි.

පොලීසියට බයේ දැව ජාවාරම් කරුවන් පලා යද්දි දැව ලොරිය පෙරලෙයි…

පොලීසියට බයේ දැව ජාවාරම් කරුවන් පලා යද්දි දැව ලොරිය පෙරලෙයි…

වව්නියාව ඕමන්ද පෙරියමඩු රක්ෂිතයේ සිට රහසිගතව දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරියක් පසුපස (20) පොලීසිය හා වනසංරකෂණ නිලධාරීන් ලුහුබඳින අතරතුර දැව ලොරිය පෙරලී අනතුරට පත්ව ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

ඕමන්ත පෙරියමඩු රක්ෂිතයේ සිට අදාල දැව ජාවාරම ප්‍රවාහනය වන බවට වව්නියාව පොලිස් විශේෂ කාර්යා බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් සහ වව්නියාව වනසංරක්ෂණ නිලධාරීන් පිරිසක් පෙරියමඩු රක්සිතයට පිවිසෙන මාර්ගයේ (20 ) රැකවල් යොදා සිටින අතරවාරයේ අදාල දැව පටවාගත් ලොරිය පැමිණි ඇත.

දැව රැගත් ලොරිය නවත්වන ලෙසට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අණ කර සිටින අවස්ථාවේදී දැව ලොරිය අන නොතකා ලොරිය ධාවනය කොට ඇති අතර පසුව පොලිස් විශේෂ කාර්යා බලකා නිලධාරීන් හා වනසංරක්ෂණ නිලධාරීන් විසින් අදාල ලොරිය පසුපස ලුහුබැඳ ඇති අතර දැව ලොරිය එ්-9 මාර්ගයේ අධික වේගයෙන් පැමිණි තාණ්ඩික්කුලම් ප්‍රදේශයේදී දුම්රිය හරස්මාර්ගයක් හරහා අතුරු මාර්ගයකට දැමීමට උත්සහ දැරීමේදී වේගය පාලනය කරගැනීමට නොහැකිව ලොරි රථය දැවත් සමග පෙරලී ගොස් ඇත.

කෙසේ වෙතත් ලොරිය පෙරලීමෙන් පසුව එහි රියදුරු පලාගොස් ඇති අතර පොලීස් විශේෂකාර්ය බලකා සෙබලුන් හා වනසංරක්ෂණ නිලධාරීන් විසින් අදාල ලොරි රථය හා එහි තිබූ රුපියල් ලක්ෂ දෙකකට අධික විටනාකමකින් යුත් බුරුත දැව තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර පැන ගිය රියදුරු සොයා වව්නියාව පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ජනපති මෛත‍්‍රී-ආර්යා ජයන්ති ධවල මන්දිරයේදී ඇමරිකා ජනපති ට‍්‍රම්ප් හමුවෙති…

ජනපති මෛත‍්‍රී-ආර්යා ජයන්ති ධවල මන්දිරයේදී ඇමරිකා ජනපති ට‍්‍රම්ප් හමුවෙති…

72 වන එක්සත් ජාතීන්ගේ සමළුවට සහභාගී වීම සදහා ඇමරිකාවේ නිවුයෝක් නුවර බලා ගොස් සිටින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී විය.

මේ අවස්ථාව සදහා ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මියද එක්ව සිටියාය.

භෝජන සංග්‍රහයෙන් පසු ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා හා බිරිද ඇමරිකා ජනාධිපති හා බිරිද සමග සමුහ ජායාරුපයකටද පෙනී සිටියහ.

ඩයලොග් සියළු සබදතා පැය කිහිපයකට බිද වැටේ.. ප‍්‍රබල සයිබර් ප‍්‍රහාරයක්..?

ඩයලොග් සියළු සබදතා පැය කිහිපයකට බිද වැටේ.. ප‍්‍රබල සයිබර් ප‍්‍රහාරයක්..?

ලක්‍ෂ 110කට ආසන්න පාරිභෝගික ප‍්‍රමාණයක් සහිත මෙරට ප‍්‍රධානතම දුරකතන සේවා සැපයුම් සමාගම වන ඩයලොග් සමාගෙම් සන්නිවේදන සබදතා අද පස්වරුවේ පැය කිහිපයක් පුරා බිද වැටී තිබින.

ඩයලොග් ආයතනයේ නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම්වල දැක්වූයේ අත්‍යවශ්‍ය යාවත්කාල කිරීමක් නිසා මෙම තත්වය මතු වූ බවයි.

කෙසේ වෙතත් සමාජ ජාල හා ඇතැම් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරන්නේ ඩයලොග් හි දත්ත ගබඩාව ඔවුන්ගේ පාලනයෙන් බැහැර වීම හේතුවෙන් දුරකතන ජාලය ටික වේලාවක් අක‍්‍රිය කර තැබූ බවයි.

ඉරාජ්ගේ ඊළග ගීත වීඩියෝවේ මං නිරුවත් වුණා.. හැමෝම බලන්න..- පියුමි හංසමාලි

ඉරාජ්ගේ ඊළග ගීත වීඩියෝවේ මං නිරුවත් වුණා.. හැමෝම බලන්න..- පියුමි හංසමාලි

ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ මීලග ගීත වීඩියෝව සදහා තමන් නිරුවත් දර්ශණයකට පෙනී සිටි බව නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි සදහන් කරයි.

තමන් නිරුවත් වූයේ ඉතාමතක් කලාත්මන ලෙස ජනතාවට නැරඹිය හැකි අයුරින් යයිද ඇය කියයි.

ජනමත විචාරණය මග හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ කනෙන් රිංගයි.. පළාත් සභා මැතිවරණ පනත 2/3 බලයකින් රතු අලි පැටවු සම්මත කර දෙයි..

ජනමත විචාරණය මග හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ කනෙන් රිංගයි.. පළාත් සභා මැතිවරණ පනත 2/3 බලයකින් රතු අලි පැටවු සම්මත කර දෙයි..

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී 2/3කට වැඩි බහුතරයකින් සම්මත විය.

තුන්වැනි වර කියවීමේදී පනතට පක්‍ෂව ඡන්ද 154ක් හා විපක්‍ෂව 43ක් ලැබුනේය.

මෙම පනතට පක්‍ෂය ජවිපෙ හා දෙමල සන්දානයද සහයෝගය පල කල අතර ඔවුන්ගෙන් එක් පාර්ශවයක් හෝ සහය පල නොකලේ නම් පනත සම්මත කිරීමට නොහැකි තත්වයක් ඇති විය.

කාන්තා නියෝජනය 30% කිරීම හා කොට්ඨාශ ක‍්‍රමයට මැතිවණ පැවැත්වීම මින් යෝජනා කර තිබුනද කොට්ඨාශ නිර්ණය හා කාන්තා නියෝජනය ගැසට් කිරීම කවදා හෝ අවසන් වන තුරු මැතිවරණ පැවැත්වීමට නොහැකි වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනමත විචාරණයකට යොමු කරන ලද පනත් කෙටුම්පතේ තිබූ වගන්ති බහුතරයක් මෙම සංශෝධන පනත් කොටුම්පතේ ඇතැයි ඒකාබද්ද විපක්‍ෂය චෝදනා කරයි.

පගාව දෙනකන් ඡන්දය කල් තැබූ ඉතිහාසයේ කුජීතම කථානායක

අද දවසේදී පළාත් සභා සංශෝධන සහිත පණත 2/3 න් සම්මත කර ගැනීම සඳහා කතානායකවරයා ගත් ඉතිහාසයේ කුජීතම තීන්දුව අප වෙත වාර්තා වේ. රවුෆ් හකීම් ප්‍රමුඛ මුස්ලිම් නායකයින් මෙම පණතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීන්දු කිරීම හේතුවෙන් ආණ්ඩුවට 2/3 බලය අහිමි විය

අනතුරුව කිසිදු හේතුවක් නොදක්වා පාර්ලිමේන්තුව කල් තබන්නට කතානායක වරයා කටයුතු කරනු ලැබූයේ ඉතාමත් අශෝබන ආකාරයටය. අවසන් මුස්ලිම් එක් නායකයෙකුට රුපියල් මිලියන පහ බැගින් අල්ලස් පාර්ලිමේන්තුව තුලටම රැගෙන විත් දීම අද දවසේ පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධම රහස විය.

අල්ලසෙන් පසු ඡන්දය දීමට මුස්ලිම් නායකයින් ඡන්දය දීමට එකඟ වනතෙක්ම කතා නායක විසින් පාර්ලිමේන්තුව කැඳවීමේ සීනුව ශබ්ද කර නොමැති බැවින්, ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසයේ ජරාම ප්‍රජාතන්ත්‍ර විරෝධී කතා නායක ක්‍රියා පරිපාටිය බව පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

රතු අලි පැටවු දෙමල සන්ධානය හා එක්වී ආණ්ඩුවට 2/3 අරන් දෙති.. පනත සම්මතයට සූදානම්..

රතු අලි පැටවු දෙමල සන්ධානය හා එක්වී ආණ්ඩුවට 2/3 අරන් දෙති.. පනත සම්මතයට සූදානම්..

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර ඇති වූ උණුසුම් තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව නැවත වතාවක් කල් දමා ඇත.

පනත සම්මත කිරීමට අවශ්‍ය 2/3 ලබා ගැනීම සදහා ජනතා විමුක්ති පෙරමුණ හා දෙමල සන්ධානය එකග වී ඇතත් හකීම් හා බදුර්දීන්ගේ පක්‍ෂ සමග ඇති ගැටළු නිරාකරණය සදහා මෙම කාලයේදී කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි.

පළාත් සභා මැතිවණ කල් දැමීම සදහා ආ 20 වන සංශෝධණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප කලද ඒ සියළු යෝජනා මෙම පනතේ සංශෝදන යෝජනා ලෙස ඉදිරිපත් කර ඇතැයි ඒකාබද්ද විපක්‍ෂය චෝදනා කරයි.

30% කාන්තා නියෝජනය හා කොට්ඨාශ ක‍්‍රමයේ මැතිවරණ පෙන්වමින් දින දියමයක් නොමැතිව මැතිවරණය කල් දැමෙනු ඇතැයිද ඔවුන් කියා සිටිති.

පළාත් සභා කල් දමන සංශෝධනය 2/3න් සම්මත කර ගන්නැයි නීතිපති දන්වයි..

පළාත් සභා කල් දමන සංශෝධනය 2/3න් සම්මත කර ගන්නැයි නීතිපති දන්වයි..

අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පළාත් සභා ඡන්ද විමසිම් පනතට අදාල සංශෝධන සදහා පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මත කිරීම අවශ්‍ය යයි නීතිපතිවරයා දන්වා ඇත.

කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේය.