පොල් මිල අහසට.. ගෙඩිය 100යි.. බෑය 50යි..

පොල් මිල අහසට.. ගෙඩිය 100යි.. බෑය 50යි..

මේ දිනවල වෙළදපලේ පොල් මිල අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇත.

බොහෝ ප‍්‍රදේශවල කුඩා පොල් ගෙඩියක් අලෙවි කරන්නේ රුපියල් 80-90ත් අතර මිලකටයි.

සාමාන්‍ය තරමේ පොල් ගෙඩියක් රුපියල් 100ක් පමණ වෙයි.

පොල් බෑ මෙන්ම ගාන ලද පොල්ද වෙදල පලේ විකිණීම මේ දිනවල සුලබ දසුනකි.

‘මට මතක නෑ.. මං දන්නේ නෑ..’ ගම්මන්පිලට අන්නන්න ගෙන ආ බ්‍රයන්ටත් රවීගේ ලෙඩේම හැදේ..

‘මට මතක නෑ.. මං දන්නේ නෑ..’ ගම්මන්පිලට අන්නන්න ගෙන ආ බ්‍රයන්ටත් රවීගේ ලෙඩේම හැදේ..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල කූට ලේඛණ සෑදූ බවට චෝදනා කිරීමට ඔස්ට්‍රේලියාවෙන් ගෙන් වූ බ්‍රයන් ෂැඩික් පවසන්නේ බොරු බව ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සාක්ෂි සහිතව පෙන්වා දීමෙන් පසු ඔහුගේ හරස් ප්‍රශ්න වලට දිගින් දිගටම පිලිතුරු සැපයුවේ ‘මං දන්නේ නෑ.. මට මතක නෑ’ යනුවෙනි.

එවිට ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය අමතමින්,

‘ස්වාමිනි, මම හිතා ගෙන හිටියේ දන්නේ නෑ මතක නෑ කියන ලෙඩේ හැදෙන්නේ ලංකාවේ දේශපාලකයින්ට විතරයි කියලා. දැන් බැලින්නම් ලංකාවට එන විදේශිකයින්ටත් ඒක හැදෙනවා.

මගේ සේවාලාභියා පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්න සති දෙකක් විතරක් තිබිය දී මෙයාව විරුද්ධ දේශපාලකයෙක් ලංකාවට ගෙන්වා පැමිණිල්ලක් කෙරෙව්වේ ඡන්දයට බලපෑම් කරන්නයි. වාසනාවට ජනතාව මෙයාගේ බොරු විශ්වාස කලේ නෑ. මෙයා මේ බොරු පැමිණිල්ල කලේ දේශපාලකයෙකුගෙන් මුදලක් අරගෙන’ යයි කියා සිටියේය.

– අරවින්ද අතුකෝරල

20 ඕනෑ කියා ජනමත විචාරණයකට යන්න ශ‍්‍රීලනිපය බෑමයි කියයි..

20 ඕනෑ කියා ජනමත විචාරණයකට යන්න ශ‍්‍රීලනිපය බෑමයි කියයි..

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්දයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නිගමනය අනුව ශ‍්‍රීලනිපයේ මතය වන්නේ ජනමත විචාරණයකට නොයා යුතු බව යයි ඇමති එස්.බී. දිසානායක මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනපති ආර්යාව හා දියණිය චතුරිකා ජනපති සමග UN සමුළුවේ..

ජනපති ආර්යාව හා දියණිය චතුරිකා ජනපති සමග UN සමුළුවේ..

ඇමරිකාවේ නිවුයෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 72වන සමුළුවට සහභාගී වීම සදහා ශ‍්‍රි ලංකා මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ධුත පිරිසක් සහභාගී වී සිටී.

එම ධුත පිරිස අතර ජනාධිපති ආර්යාව හා දියණිය චතුරිකා සිරිසේනද වෙයි.

මීට පෙර වතාවක පැවති එක්සත් ජාතීන්ගේ සමුළුව සදහා ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස සමගල ජනපති පුත් දහම් සිරිසේන සහභාගී විය.

ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ඇප මත නිදහස් කෙරේ..

ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ඇප මත නිදහස් කෙරේ..

වසර තුනක් බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය අද දිනයේ කොළඹ මහාධිකරණය විසින් ඇප මත නිහස් කර තිබේ.

ඔවුන්ට ලබා දුන් තීන්දුවට එරෙහිව ඔවුන් විසින් අභියානයක් ගොන් කර ඇති ඒ අනුව කරන ලද ඉල්ලීම මත මෙම ඇපය හිමි විය.

රුපියල් ලක්‍ෂය බැගින් වූ මුදල් ඇපයක් හා ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක් මත ශවුන් මෙසේ නිදහස් කර ඇති අතර විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණ භාරයට ගෙන ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී රුපියල් 60 කෝටියක සිල් රෙදි බෞද්ධ උපාසක උපාසෙිකාවන් අතර බෙදා දුන්නේ යයි ඔවුනට චෝදනා එල්ල වී ඇත.

ඡන්ද තියන්නේ නෑ තමයි.. ඉතින් මට කියන්නෙ ගිනි තියාගනිං කියලද..- මැකො

ඡන්ද තියන්නේ නෑ තමයි.. ඉතින් මට කියන්නෙ ගිනි තියාගනිං කියලද..- මැකො

මැතිවරණ පවත්වන්නේ නැතැයි කියා තමන්ට කියන්නේ කොමිසම ඉදිරිපිට ගිනි තියාගන්න කියා දැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

මැතිවරණ නැතැයි කියා පාර බැස උද්ඝෝෂණය කිරීමේ හැකියාවක් කොමිසමට නැතැයිද පවසන ඔහු පවතන නීතිමය සීමාව තුල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වෙනුවෙන් කොමිසම වැඩ කටයුතු කරන බවද සදහන් කරයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී සම්මත කරන පනතක් මගින් පැවැත්වීමට නොහැකි වන්නේ නම් තම කොමිසමට කල හැකි දෙයක් නැතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

පළාත් සභා ඡන්දය කල් දාන්න ආණ්ඩුව ගත් සියුළු උත්සාහයන් අසාර්ථකයි.. පිටු 1 ½ පනතතට පිටු 30ක සංශෝධනයක් ගෙනැත්..

පළාත් සභා ඡන්දය කල් දාන්න ආණ්ඩුව ගත් සියුළු උත්සාහයන් අසාර්ථකයි.. පිටු 1 ½ පනතතට පිටු 30ක සංශෝධනයක් ගෙනැත්..

මේ මාසයේදී නිල කාලය අවසන් වන පළාත් සභා සදහා පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දැමිම සදහා ආණ්ඩුව විසින් ගන්නා ලද සියලු උත්සාහයන් අසාර්ථක වන තත්වයක් පාර්ලිමේන්තුව තුළ මතුව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානය කියයි.

එම සම්පුර්ණ නිවේදනය මෙසේය.

පක්ෂ නායකයින් ‘පළාත් සභා සංශෝධන පනත සාකච්ඡාවට ගැනීමට විරෝධය පළ කර ඇත. ඒ අනුව, ඡන්ද කල් දැමීම පාර්ලිමේන්තුවේ සුළු බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීම ගැටළුවක් බවට පත් වේ.

ආංශික කාරක සභා සඳහා ඉදිරිපත් නොවූ කරුණු කාරක සභා අවස්ථාවේ දී පනත් සංශෝධන ලෙස ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු සම්ප්‍ර‍දාය නොවේ. මැතිවරණ ආංශික කාරක සභාවේ සභාපතිවරයා වන්නේ ගාමිණී ලොකුගේ මහතා ය.

පිටු 1 ½ ක් වූ කාන්තා නියෝජනය පිළිබද පළාත් සභා පනත් සංශෝධනයට රජය අද ඉදිරිපත් කළ සංශෝධනය පිටු 31 කි. එම සංශෝධන 20 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍ය ස්ථා සංශෝධනයට ඉදිරිපත් කළ සංශෝධන හා ඇදහිය නොහැකි සමානාකමක් සහිතය.

පිටුපස දොරින් සිදු කරන ජනමත විචාරණයක් සඳහා අගමැතිවරයා – ජනපති එකඟත්වය ලැබී නැත.

මැතිවරණ කොමිෂන් සභාපතිවරයා හා නීතිපතිවරයා මේ වන විට පාර්ලිමේන්තුවට කැදවා ඇත! කැෆේ සංවිධානය ඊයේ නීතිපති, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, පළාත් සභා ලේකම්, අගමැති ලේකම් වෙත අවධාරණය කළේ මෙම නීති විරෝධී හා සම්ප්‍ර‍දාය විරෝධී ක්‍රියාවට ඔවුන්ගේ අනුග්‍ර‍හය ලබා නොදෙන ලෙසය.

කැෆේ සංවිධානය
මාධ්‍ය ඒකකය
2017 සැප්තැම්බර් 20

‘ලංකාව දිළිදුකමින් මිදෙනවා..’ ජනපති සිංහලෙන් UN මහ සමුළුව අමතයි..

‘ලංකාව දිළිදුකමින් මිදෙනවා..’ ජනපති සිංහලෙන් UN මහ සමුළුව අමතයි..

ශ්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය පිළිබඳව මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳවත්, 2017 වර්ෂය දිළිඳුකමින් අත්මිදීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කරමින් ගෙනයන වැඩපිළිවෙළ සහ හරිත සංවර්ධනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ලෝක නායකයින් දැනුවත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අලූයම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතනු ලැබීය.

ජනාධිපතිවරයා මෙවර සමුළුව ඇමතුවේ සිංහල භාෂාවෙන්වීම විශේෂත්වයකි.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්ල ප්‍රතිසන්ධානයල ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නිදහස මේ වනවිට උදාවෙමින් ඇති බවයි.

ලෝක ප්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් බලා සිටින බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

තමා බලයට පත්වීමට පෙර තිබූ බියෙන් සහ සැකයෙන් ජීවත් වූ තත්ත්වයට වඩා අද ශ්‍රී ලංකාව නිදහස් රටක් බවත් පරිවර්තනීය වෙනසකින් පසු ගත වූ මාස 20 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින බවත් පෙන්වා දුන්නේය.

ශ්‍රීලංකාවේ ජනතාව ලෝකයේ සතුටින් හා එක් රටක් තුළ ජීවත් වන පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවද ජනාධිපතිවරයා සදහන් කරන ලදී.

2015 වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තමා පත්වීමට පෙර ලෝකයේ කිසිම රටක කිසියම් නායකයෙකුට නොතිබුණු අසීමිත බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බවද සඳහන් කලේය.

ජනාධිපති මාධ්‍ය ඒකකය

ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද සම්පූර්ණ දේශණය…

Exclusive : ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ඇප මත නිදහස් කෙරේ..

Exclusive : ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ඇප මත නිදහස් කෙරේ..

වසර තුනක් බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය අද දිනයේ කොළඹ මහාධිකරණය විසින් ඇප මත නිහස් කර තිබේ.

ඔවුන්ට ලබා දුන් තීන්දුවට එරෙහිව ඔවුන් විසින් අභියානයක් ගොන් කර ඇති ඒ අනුව කරන ලද ඉල්ලීම මත මෙම ඇපය හිමි විය.

රුපියල් ලක්‍ෂය බැගින් වූ මුදල් ඇපයක් හා ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක් මත ශවුන් මෙසේ නිදහස් කර ඇති අතර විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණ භාරයට ගෙන ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී රුපියල් 60 කෝටියක සිල් රෙදි බෞද්ධ උපාසක උපාසෙිකාවන් අතර බෙදා දුන්නේ යයි ඔවුනට චෝදනා එල්ල වී ඇත.

පළාත් සභා කල් දමන්න ව්‍යවස්ථා විරෝදී සංශෝධනයක්.. ඒකාබද්දය සභාව මැදට පනී..පාර්ලිමේන්තුව දැඩි උණුසුම්..

පළාත් සභා කල් දමන්න ව්‍යවස්ථා විරෝදී සංශෝධනයක්.. ඒකාබද්දය සභාව මැදට පනී..පාර්ලිමේන්තුව දැඩි උණුසුම්..

පාර්ලිමේන්තුව හමුවට පළාත් සභා ඡන්ද විමසීම් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමත් සමග එහි මහත් උණුසුම්කාරී තත්වයක් මතුව ඇත.

මෙම පනත සදහා පළාත් සභා අනුමැතිය ලැබුනේදැයි ඒකාබද්ද විපක්‍ෂය විසින් කල වීමසීමේදී කතානායකවරයා කියා සිටියේ ඒ සදහා පළාත් සබා අනුමැතිය උවමනා නැති බවයි.

මීට විරෝධය දක්වමින් ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් සභා ගැබ මැදට පැමිණියහ.

මේ තත්වය මත පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයා කටයුතු කලේය.

පළාත් සභා ඡුන්දය කල් දැමීම සදහා ව්‍යවස්ථා විරෝධී ලෙස පනතක් සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන බවට ඒකාබද්ද විපක්‍ෂය චෝදනා කරයි.