පළාත් සභා කල් දමන්න ව්‍යවස්ථා විරෝදී සංශෝධනයක්.. පාර්ලිමේන්තුව දැඩි උණුසුම්..

පළාත් සභා කල් දමන්න ව්‍යවස්ථා විරෝදී සංශෝධනයක්.. පාර්ලිමේන්තුව දැඩි උණුසුම්..

පාර්ලිමේන්තුව හමුවට පළාත් සභා ඡන්ද විමසීම් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමත් සමග එහි මහත් උණුසුම්කාරී තත්වයක් මතුව ඇත.

මෙම පනත සදහා පළාත් සභා අනුමැතිය ලැබුනේදැයි ඒකාබද්ද විපක්‍ෂය විසින් කල වීමසීමේදී කතානායකවරයා කියා සිටියේ ඒ සදහා පළාත් සබා අනුමැතිය උවමනා නැති බවයි.

මේ තත්වය මත පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයා කටයුතු කලේය.

පළාත් සභා ඡුන්දය කල් දැමීම සදහා ව්‍යවස්ථා විරෝධී ලෙස පනතක් සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන බවට ඒකාබද්ද විපක්‍ෂය චෝදනා කරයි.

ගිරවු-රිලවු රණ්ඩුව යලි ඇදේ.. මාලිංගට එරෙහිව ඇමති දයාසිරි වහා විනය පරීක්‍ෂණයක් කැදවයි..

ගිරවු-රිලවු රණ්ඩුව යලි ඇදේ.. මාලිංගට එරෙහිව ඇමති දයාසිරි වහා විනය පරීක්‍ෂණයක් කැදවයි..

වේග පන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංග සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වන ලෙස ක‍්‍රිඩා ඇමති දයාසරි ජයසේකර තීරණය කර ඇත.

මේ වන විටත් ඒ සදහා ක‍්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.

ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කල වැඩමුළුවකදී මෙරටදී පැවැත්වෙන තරග සදහා තණතිලි සැකසිම ගැන මාලිංග දැඩි ලෙස විවචේනය කිරිම සම්බන්ධයෙන් මෙම විනය පරීක්‍ෂණය කැදවා ඇත.

සිල් රෙදි දඩය ගෙවන්න භික්‍ෂූන් පිණ්ඩපාතේ යාම කැත වැඩක්.. ශාසන ශෝධනයක් ඔ්නෑ..- ඥාණසාර හිමි හදිසියේ මතුවෙයි..

සිල් රෙදි දඩය ගෙවන්න භික්‍ෂූන් පිණ්ඩපාතේ යාම කැත වැඩක්.. ශාසන ශෝධනයක් ඔ්නෑ..- ඥාණසාර හිමි හදිසියේ මතුවෙයි..

සිල් රෙදි බෙදා දීමේ වරදට සිර දඬුවම් පනවා සිටින අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංගට නියම කර ඇති දඩ මුදල ගෙවා දැමීම සදහා භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩම කිරීම නොකල යුත්තක් බවත් එය කැත වැඩක් බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

එම දඩ මුදල එම පක්‍ෂයේ යාන්ත‍්‍රණයෙන් ගෙවිය හැකි බවත් ඒ සදහා භික්‍ෂූන් කඩේ යැවීම අවශ්‍ය නැති බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියහ.

සියළුම ක්‍ෂෙත‍්‍ර කෙරෙහි සංගායනාවක් උවමනා බවත් කී උන් වහන්සේ ශාසන ශෝධනයක් වහා සිදු කල යුතුව ඇතැයිද පැවසූහ.

රිමාන්ඩ් බන්ධගාරගත කර සිට ඇප හිමිවීමෙන් පසු ඥාණසාර හිමි පසුගිය මාස කිහිපයක කාලය තුල මාධ්‍ය හමුවේ පෙනී සිටියේ නැත.

කලකට පසු මහින්ද පාර්ලිමේන්තුවේදී ඇසු පැනයෙන් අගමැති අමාරුවේ.. පක්‍ෂ නායකයන් පිට දමා ලිස්සයි..[Video]

කලකට පසු මහින්ද පාර්ලිමේන්තුවේදී ඇසු පැනයෙන් අගමැති අමාරුවේ.. පක්‍ෂ නායකයන් පිට දමා ලිස්සයි..[Video]

මේ මාසය අවසන් වන්නට පෙර නිල කාලය අවසන් වන පළාත් සභා තුනෙහි මැතිවරණයන් දෙසැම්බර් මස 09 වැනිදා පවත්වන බවට මැතිවරණ කොමිසම කියා සිටියත් ඒ ගැන ආණ්ඩුවේ මතය කුමක්දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ප‍්‍රශ්ණ කලේය.

එම ප‍්‍රශණයට අගමැතිවරයා සෘජු පිලිතුරක් නොදුන් අතර පක්‍ෂ නායකයින් හමුවී සාකච්චා කර පිලිතුරක් දෙන බව පමණක් කීය.

පරණ පිනක් හිසේ කඩාගෙන වැටේ.. කොදෙවුවන් එංගලන්තයට පැරදී ලංකාව ලෝක කුසලානයට නිතරගයෙන්..

පරණ පිනක් හිසේ කඩාගෙන වැටේ.. කොදෙවුවන් එංගලන්තයට පැරදී ලංකාව ලෝක කුසලානයට නිතරගයෙන්..

2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් ලැබීමේ තරග වයටයට තරග කිරිමේ අවදානම ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් බැහැර කරමින් ඊයේ බටහිර ඉන්දීය කොදෙවු පිල එංගලන්තය හමුවේ එක්දින තරගයකින් පරාජයට පත් විය.

තරග පහකින් සමන්විත තරගාවලිය 5-0ත් ලෙස කොදෙව්වුන් ජය ගත්තේ නම් ශ‍්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වටයකට මුහුණ දීමේ අවදානමක් මතුව පැවති අතර මෙම පරාජයත් සමග ශ‍්‍රී ලංකා පිල මුල් කණ්ඩායම් 08 අතරට පැමිණ නිතරගයෙන් ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබාගෙන සිටී.

ප‍්‍රබල භූමිකම්පාවක්.. 100කට වැඩි පිරිසක් මියයයි..

ප‍්‍රබල භූමිකම්පාවක්.. 100කට වැඩි පිරිසක් මියයයි..

රික්ටර් මාපංක ඒකක 7.1ක ප‍්‍රබලත්වයෙන් යුතු ප‍්‍රබල භූමි කම්පනයක් හේතුවෙන් මෙක්සිකෝවේ පුද්ගලයින් 100 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.

මෙම මරණ ප‍්‍රමාණය තවත් ඉහල යා හැකි අතර විශාල දේපල හානියක්ද සිදුව ඇති බව සදහන්ය.

වැඩ වර්ජනය කල ලංවිම සේවකයින් තුන්දහසක් එකවර සේවයෙන් නෙරපති…

වැඩ වර්ජනය කල ලංවිම සේවකයින් තුන්දහසක් එකවර සේවයෙන් නෙරපති…

වෘත්තීය ඉල්ලීම් කිහිපයත් මුල් කර ගනිමින් වැඩ වර්ජනයේ නිරත වන ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් 3000ට වැඩි පිරිසක් වහාම ක‍්‍රියාත්මක වන ලෙස සේවයෙන් පහ කර දැමීමට ලංවිම පාලන බලධාරීන් තීන්දු කර ඇත.

ඒ අනුව මෙසේ රැකියාවෙන් නෙරපා දමනු ලබන්නේ අනියම් කම්කරු, කාර්යාල කාර්ය සහායක, අයපත්කරු ආදී තනතුරු කිහිපයක පිරිස්ය.

ඊයේ පස්වරුවේ සිටම එම පිරිස් වෙත සේවය හැර ගියා සේ සලකා ලිපි නකුත් කිරීම ආරම්භ කර ඇත.

මෙසේ ඉවත් කරනු ලබන සේවකයන් වෙනුවට කඩිනමින් නවක සේවකයන් බලවා ගැනීමටද ලංවිම තීරණය කර තිබේ.

කතරගම දෙවියන්ට සමන් දෙවියන්ගේ පිහිටයි.. අනාගතේට බය අය අතේ පූජා වට්ටි..- පිටිදුවේ හිමිගෙන් දෙවියන් ඇදහීමට බර අවි ප‍්‍රහාර..

කතරගම දෙවියන්ට සමන් දෙවියන්ගේ පිහිටයි.. අනාගතේට බය අය අතේ පූජා වට්ටි..- පිටිදුවේ හිමිගෙන් දෙවියන් ඇදහීමට බර අවි ප‍්‍රහාර..

අනාගතය බාර ගැනීමට බහ හැම මිනිහෙකුගෙම අතේ පූජා වට්ටියක් ඇතැයි දෙහිවල නැදිමාන සිරි සදහම් ආශ‍්‍රමවාසී සිරි සමන්තබද්‍ර හිමියෝ පවසති.

උන්වහන්සේ සදහන් කරන්නේ දෙවියන් අතහැර අවබෝධයෙන්, ප්‍රඥාවෙන් කටයුතු කල යුතු බවයි.

ක්‍රිකට් වල සූදුව සුමති ටෙලි සම්මානය හරහා කලාවට බෝ කල අමන තිලංග සුමතිපාල

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතා දුර්වල අඩියකට පත් කල සභාපතිවරයා ලෙස අවිවාදයෙන් නම් කල හැකි සභාපතිවරයා තිලංග සුමතිපාල බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ බව අර්ජුන රණතුංග, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වැනි ප්‍රබල අතීත ක්‍රීඩකයින්ද, ඉන්දියානුවන්ට තරඟ ජයග්‍රහණය සඳහා තණතිලි මාරු කරපු ආකාරය ලසිත් මාලිංග විසින්ද හෙළි කරනු ලැබිණ. අද වනවිට තිලංග සුමතිපාල මේ සූදු මාෆියාව කලා ක්ශේෂ්ත්‍රයටද ගෙනවිත් තිබේ. කලාවට මහාර්ඝ සේවයක් කල යූ ඩබ්ලිව් සුමතිපාල හා මිලිනා සුමතිපාල දෙදෙනාගේ නමටද නිගාවක් වෙමින්, ඔවුන් මහත් සමාජ මෙහෙවරකින් ඇරඹි සුමති ටෙලි සම්මානයේ ජනප්‍රියම නලුවා තේරිමේදී කරන අකටයුතුකම් අප වෙත වාර්තා වී තිබේ.

විගණනය කරනවා යැයි කියූවත් කිසිවෙකුට නොපෙන්වන ඡන්ද ගණන වගේම, හිටි හැටියේ එක්වරම ඉහල යන විශ්වාස කල නොහැකි ඡන්ද සංඛ්‍යාව තුල මනාප කැළඹීමක් ඇතිකර එස් එම් එස් තුලින් තම මඩිය තර කට ගැනීමේ ඉතා තිරිසන් වෑයමක තිලංග සුමතිපාල ප්‍රමුඛ සුමති ටෙලි සම්මානකාරයෝ කරන කාර්‍යය අතිශය පිලිකුල් බව කිව යුතුය.

මේ දිනවල ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටින රවීන් කණිශ්කගේ මනාප ප්‍රතිපල හිටි අඩියේම පහල යවා, මේ දිනවල කිසිදු ටෙලි නාට්‍යයයක රඟ නොපාන කාවින්ග පෙරේරා සහ අමිල අබේසේකර ඉහලට එසවීම තුල රවීන් ගේ රසිකයින්ගෙන් වැඩි පුර එස් එම් එස් ගෙන්වා අති විශාල ලාභයක් ලබා ගැනීමේ කූඨ උපක්‍රමය මේ වනවිත් ක්‍රියාත්මක වී ඇති බව සුමති ටෙලි සම්මානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත සනාත කර සිටී. සුමති ටෙලි සම්මානය වෙනුවෙන් වූ ෆේස් බුක් පිටුවේ අදහස් දැක්වීම්වලින් 90% කම මේ පිළිබඳව ඉතා තදබල විවේචන එල්ල වී ඇති අතර, එයින් කිහිපයක් පහත දැක්වේ.

ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාව ලෝකයටම ආදර්ශයක් කියා WHO කිවුවාලු..

ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාව ලෝකයටම ආදර්ශයක් කියා WHO කිවුවාලු..

මාලදිවයිනේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom මහතා මේ බව ප්‍රකාශ කර ඇත. මෙම රැස්වීම පසුගිය 06 දින සිට 11 දින දක්වා පැවැත්විණි. මෙහිදී බෝනොවන රෝග පාලනය කිරීම සඳහා රජය ආරම්භ කල වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක්කර තිබේ.

පැණි බීම සඳහා වර්ණ සංකේත හඳුන්වා දීම, දුම්කොල භාවිතය අවම කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග, ඒ අතර ප්‍රධාන වෙයි. නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කරමින් රජය විසින් විශාල මුදලක් සෞඛ්‍යට වැයකිරීම පිළිබඳව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී ඇත. දල දේශීය නිෂ්පාදිතයෙන් 3.24% මුදලක් 2017 වර්ෂයේදී සෞඛ්‍ය සේවාව වෙනුවෙන් රජය වැය කර ඇත. රෝග නිවාරණය සඳහා සුව දිවි මධ්‍යස්ථාන 842 ක් සහ සුවනාරී මධ්‍යස්ථාන 848 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇත. එමගින් කිසියම් පුද්ගලයකුගේ, සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම, රුධිර පරීක්ෂණ, පිලිකා රෝග පරීක්ෂණ පලමුව සිදුකරනු ලබයි. මෙම මධ්‍යස්ථාන අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලක් රජයට දැනුම් දුන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. සෞඛ්‍ය සේවාව තුල හොඳම තීන්දු තීරණ ගන්නා රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන ඇත. මෙම ක්‍රියාමාර්ග තුලින් වසර 2025 වන විට බෝ නොවන රෝග 30% දක්වා අවම කිරීම තම අපේක්ෂාව බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

– ප‍්‍රසන්න අධිකාරී