2020 ජවිපය බිහිකරන පුලුල් පෙරමුණ ජනාධිපති අපේක්ශක කවුද දැනගන්න කියවන්න

පසුගිය දිනක ජනතා විමුක්ති පෙරමුණෙ නායකයා, දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් සහ විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරුන් පිරිසක් අතර රහස් සාක්ච්චාවක් පවත්වා ඇත.

එම සාකච්චාවේ රහස්‍ය භාවය රැක ගැනීම උදෙසා සහභාගී නොවූ ඇතම් එජප මන්ත්‍රී වරුන් කීප දෙනෙක් සකයිප් තාක්ෂණය ඔස්සේ සාකච්චාවට සම්බන්ද වී ඇත.

ඔවුන් එලෙස කර ඇත්තෙ යම් හෙයකින් සාක්ච්චාවේ තොරතුරු අනාවරණය වී සාක්ෂි සහිතව ඔප්පු උනහොත් තම දේශපාලන ජිවිතය විනාශ වේයැයි ඇති බිය නිසාය.

කොලොන්නාව ප්‍රදෙශයේ එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගෙ සැමියාගේ අනුග්‍රහය යටතේ එම ප්‍රදේශයේම කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ සුවිසල් නිවසක පවත්වා ඇති මෙම සාකච්චාවේ අරමුණ 2020 ජානාධිපති වරණය සදහා පුලුල් පෙරමුණක් බිහිකර ගැනීමය.

එජපයෙ ජනප්‍රිය තරුණ මන්ත්‍රී වරුන් සහ මන්ත්‍රී වරියන් කීප දෙනෙක් ඒකාබද්ධ විපක්ෂයෙන් තරුණ මන්ත්‍රි වරුන් කීපදෙනෙක් පුලුල් පෙරමුණක් ගොඩනැගීමෙ කාර්‍යයට දැනට ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය ලබාදිමට එකග වී ඇත.

මෙහිදි ජවිපයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් ලබා දී ඇති යෝජනව නම් විමුක්ති කුමාරතුංග හට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දිය යුතු බවය.

ජවිපය මෙම පුලුල් පෙරමුණ ගොඩ නැගීමේදී ඉදිරිපත් කරනලද ප්‍රධානම ඉල්ලීම් දෙකකි.

ඉන් එක් ඉල්ලීමක් නම් ජනතා විමුක්ති පෙරමුණට අග්‍රාමාත්‍ය ධූරය ලැබිය යුතු බව‍ය

අනෙක් ප්‍රධාන ඉල්ලීම ගොඩනගන පෙරමුණ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනා විට අපේක්ශක ලැයිස්තුවලින් සෑම දිස්ත්‍රික්කයකින්ම 40% නියොජනයක් ජවිපයට ලැබිය යුතු බවය.

කෙසේ වෙතත් එවැනි පෙරමුණක් ගොඩ නගයි නම් එයට අරමුදල් සැපයීමට එකගවී ඇති රාජ්‍ය නොවන සංවිධානයක පලමු පෙළ නිළධාරීන් ජවිපයට පැහැදිලි කරදී ඇත්තේ ජනතාව අතර සුවිසල් බලයක් නැති තරුණ මන්ත්‍රී වරුන් පැමිණීමෙන් පෙරමුණකට විශාල බලයක් නොලැබෙන බැවින් වරතමාන දේශපාලනයේ යෙදන ප්‍රධාන චරිත කීපයකින් එකක් තෝරාගෙන ඔවුන් මතුකර ඉහල ගෙන ආයුතු බවය. ජවිපයද මෙම යොජනාවට එකග වි ඇත.

රන්ජන් රාමනායක මහතා මෙම අවස්ථාවට ස්කයිප් තාක්ශණය ඔස්සෙ එකතුවෙමින් පවසා ඇත්තෙ තමන් ආන්ඩුවෙ ඉදිමින් ආන්ඩුව විවෙචනය කරමින් ගොඩ නගා ගන්න ජනප්‍රියත්වය වැනි ජනප්‍රියත්වයක් අනාගත පෙරමුණට එකතු වීමට බලාපොරොත්තු වෙන අය ගොඩ නගා ගත යුතු බවය.

මෙම අවස්ථාවේ රටේ පවතින තත්වය අනුව ජනතාවට ආන්ඩුව ගැන කළකිරී ඇති බැවින් මන්ත්‍රී වරුන් ජනතාව සමග සිටගෙන ආණ්ඩුව විවෙචනය කිරීම, ආන්ඩුව හැරයන බව කීම, ආන්ඩුව ගැන කළකිරී ඇති බව කීම මගින් ප්‍රතිරූප ගොඩ නගා ගත හැකිබවය.

ඒකාබද්ධ විපක්ශය සමග මීට වඩා සමීප සම්බන්ධයක් ගොඩ නගා ගැනීම තුලින් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට උත්සහ කළයුතුබවටද මෙහිදී සාක්ච්චාවට ලක්වී ඇත.

මෙම පුළුල් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට මීට පෙර වටයකදී යොජනා කර පසුව ඒ ගැන සාකච්චා කර යම් එකගතාවකට පැමිණ සිටි රාජිත සේනාරත්න ඇමති වරයා පවසා ඇත්තේ තමන් ජනාධිපති අපේක්ෂක ලෙස පත් කරනවා නම් එජපායෙන් මෙන්ම එකාබද්ධ විපක්ෂයෙන් 30ට ආසන්න තම දේශපාලන මිතුරන් පිරිසක් තමන් සමග එකතු වීමට දැනට කැමැත්ත පළකර ඇති බවය.

මෙහිදී රාජිත සේනාරත්න මහතා පුළුල් ලෙස සාක්ච්චා කර ඇත්තෙ ජවිප යෝජනාවක් වන ඇමති දුරයන් ප්‍රමාණය 30 සීමා කිරීමෙ එකගතාව ප්‍රායෝගික නොවන බවය.

රාජිත පාර්ශවය පැහැදිලි කර ඇත්තෙ වර්තමාන දේශපාලනය තුල මන්ත්‍රි වරුන්ට වරප්‍රසාද ලැබිය යුතු බවත් එසේ නැත්නම් ඔව්න් රදවා ගත නොහැකි බවත්‍ ය. එබැවින් ඇමති දූර සීමා කිරීමක් කළහොත් ආණ්ඩුව පවත්වාගෙන යෑමේ ගැටලු පැන නගිනු ඇතිබවය. එබැවින් ඇමතිධුරයන් සීමාකිරීමේ යෝජනාවට තමන් එකග නැති බව රාජිත පාර්ශවය ප්‍රකාශ කර ඇත.

මෙහිදී පිලිතුරු දෙමින් ජවිපය ප්‍රකාශ කර ඇත්තෙ පවතින ක්‍රමයෙ වෙනසක් නොව්න හොත් බිහිකරන නව පෙරමුණ ජනතා අප්‍රසාදයට පත්වන බවය. එබැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ඇමති දූර සීමා කිරීම සිදුකිරීම වඩා යහපත් බවය. අවම වශයෙන් එසේ කිරිමට උත්සාහ කළ යුතුබවත්ය. ඇමති දූර ප්‍රමාණය 30ක් ප්‍රමාණවත් නැත්නම් එම ප්‍රමාණය ඉහල නැංවීමට සාකච්චා කර තිරණය කර ගැනීමට ජවිපය සහ රාජිත පාර්ශවය එකග වී ඇත.

පුරා පැය 6 තිස්සෙ පැවති මෙම සාක්ච්චා අවසානයේ රාත්‍රී 10ට පමණ මධුවිත පානය අවසන් වී රාත්‍රී ආහාර එම නිවසින් ලබා ගැනිමෙන් අනතුරුව එම අවස්ථාවට සහභාගී වූ 15 දෙනෙක් පමණ විසිර ගොස් ඇත.

අවසාන වශයෙන් තීරණය වී ඇත්තෙ 2019 වසරෙ පලමු මාස හයෙන් පසු දැඩිලෙස ආණ්ඩුවට පහර ගැසීමටත් එතෙක් ආණ්ඩු පක්ශයෙ තරුණ ඇමතිවරුන් මන්ත්‍රිවරුන් ආන්ඩුවේ සිටිමින් ආන්ඩුව විවේචනය කරමින් ජනතා ප්‍රසාදය රැක ගැනීම කළ යුතු බවය. රාජිත ඇමතිතුමා නවපෙරමුණේ නායකයා සහ ජනාධිපති අපේක්ෂකයා ලෙස දැනට තොරාගෙන ඇති අතර විකල්ප නාම යොජනා ගැනද සලකා බලමින් සිටී. නමුත් මේ අවස්ථාවේ රාජිත පාර්ශවය සතු බලය ජනප්‍රියත්වය මෙන්ම නම්‍යශීලීභාවය නිසා ජනතා විමුක්ති පෙරමුණ රාජිත ඇමති තුමාගෙ මූලිකත්වයෙන් මෙම පෙරමුණ ගොඩ නැගිමට එකග වී ඇත. ඉදිරි සාකච්චාවට සංවිධානය කිරීම ජවිපය වෙනුවෙන් පාර්ලිමේන්තුව නියොජනය නොකරන ජවිපයෙ අභ්‍යන්තර ප්‍රභලයකු විසින් කරන අතර සම්බන්ධීකරණ කටටුතු කොලොන්නාව මන්ත්‍රිවරියගෙ සැමියා විසින් මෙහෙයවනු ලබයි.

ගෑස් ටැංකියක් පිපිරී, ගීතාට අසාධ්‍යයි. සැකය පියසේන ගමගේට.

ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මැතිණිය මේ වනවිට හදිසි අනතුරකට ලක්ව, නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්ස් වෙත ඇතුලත් කර තිබෙනවා.

කෙසේ වුවත්, ගෑස් ටැංකියක් අභිරහස් ලෙස පිපිරීම නිසාවෙන් මෙම අනතුර සිදු වී ඇති අතර, හිටපු ඇමති පියසේන ගමගේගේ දේශපාලන හෙංචයියන් දෙදෙනෙකු ඇයගේ නිවස අසල පසුගිය දින කිහිපයේම සැරිසරා ඇති බව මීට ඉහත වාර්තාවී තිබී ඇත. එමනිසා  මෙහි වගකීම පිළිබඳ සැකය හිටපු ඇමති පියසේන ගමගේ වෙත යොමු වී තිබේ.

මේ වනවිට ගීතා කුමාරසිංහ මහත්මිය රෝහල්ගත කර ඇති අතර පරීක්ෂණ කණ්ඩායමක් අයගේ නිවසට පිටත්ව ගොස් අත. අපට ලැබුණු තොරතුරක් අනුව, සීසීටීවී දර්ශණ වලින් විවිධ කරුණු ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබුනත්, ඒ සියල්ල නොසලකා හරින්නට හා මකා දමන්නට රජයේ ඉහලම තැනකින් බලපෑම් එල්ල වන බව අප වෙත වාර්තා වේ.

කෙසේ වුවත් පියසේන ගමගේ ගාලු දිස්ත්‍රික්කයෙන් මීලඟට පාර්ලිමේන්තුවට ඒම සඳහා සුදුසුකම් ලබා සිටින මන්ත්‍රීවරයා වන අතර, ඔහු ගීතා කුමාරසිංහ මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අභියෝගයට ලක් කරමින් නඩුවක් ද ඉදිරිපත් කලේය. එහි වැඩි වාසි ගීතා කුමාරසිංහට බැව් පසුගිය දිනවල විචාරකයෝ පෙන්වා දීමත්, අධික බලලෝභීත්වයත් නිසා, හිටපු අමාත්‍ය පියසේන ගමගේ මෙවන් සාහසික පියවරකට යන්නට ඇතැයි, ප්‍රදේශ වාසිහු සැක පළ කරති.

තරබාරුද? අයිස් වලින් බඩ අඩුකරගන්න මෙන්න අලුත්ම ක්‍රමය

තරබාරු කම ඉදිරියට නේරා ආ උදරය අපිට ලොකු අපහසුතාවක් ඒ වගෙම සෞඛ්‍ය ගැටලුවක්.

මෙන්න තියන්ව පිලියමක්, නිවසේදීම අත්හසා බලන්න. අයිස් පැක් එකක් අරගෙන රෙදි කෑල්ලකින් ඔතල විනාඩි 20 පමණ උදරය මත හෝ ඔබට තෙල් සයිල විනාස කළ යුතු ස්ථාණය මත තබා ගෙන සිටින්න. මෙය ඔබ නින්දට යන්න කලින් කරන්න පුලුවන් දවසට කීප වතාවක් කරන්න පුලුවන් නම් හොදයි. මෙම ක්‍රමය මගින් කරන්නෙ අධික ශීතලට ලක් කරල තෙල් තට්ටු වල ඇති සයිල විනාස කිරීම.

88/89 සමයේ ජවිප සාමාජිකයන් හට වද දී මරා දැමූ වදකයෙක් හඬ අවදි කරයි

අපේ කතානායකයාගේ වචන වලින් එලෙසම ඔබට ගෙන එන්නම්.
———-

පාලිත කියල විතරක් මගේ නම දා ගන්න මල්ලි. මම ඉපදුනේ 1967. දැන් මට අවුරුදු 50 ක් වයස. මම දනට ජිවත් වෙන්නෙ නෙදර්ලන්තෙ ඇම්ස්ටර් ඩෑම් වල. මම මෙහාට ආවේ සරණාගතයෙක් විදියට ජවිපයේ කලබල කාලේ තමා ලංකාවෙන් පිට උනේ. හරියටම කියනව නම් 1990. මුලිම්ම ලංකාවෙන් පිට වෙලා ගිහින් හොංකොං වලට ඇතුල් වෙලා හොංකොං හරහා යුරෝපයට ඇත්ල් වෙන්න අවුරුදු දෙකක් විතර ගියා.මම ඉස්කොලෙ ගියේ දෙණියය මද්‍යමහා විද්‍යාලයට එතනින් සාමාන්‍ය පෙල දක්වා ඉගෙන ගෙන උසස් පෙළ කරේ නැතිව මම කාර්මික විද්‍යාලයක පාඨමාලවක් හදාරමින් උන්න. ඒ 1986 මම පාඨමාලාවට ඇතුල් උනේ. අපේ පවුලේ අක්ක වැඩිමල් ඒ වෙනකොට එයා විවාහ වෙලා දරුවන් උන්නෑ. එයා රැකියාව කලේ ඌරුබොක්ක ඩිපෝවෙ ලිපිකාරිණියක් විදියට. අම්ම රකියාවක් කලේ නෑ. අපිට ගමේ ඉඩකඩම් දෙපල තිබ්බ මිනිස්සු. ලොකු අක්කට පස්සෙ අයියල දෙන්නෙක් උන්න.ඊලගට මම තමයි පවුලේ බාලය. පිරිමි තුන්දෙනයි අපි.

අපේ පව්ල පාරම්පරිකවම එක්සත් ජාතික පක්ශයට චන්දය දුන්න සහ ක්‍රියා කාරිව දෙශපාලනය කර අය. අක්ක ඇර අපි අනෙක් සියලුම දෙන බැහැලම වැඩ කරපු යූ ඇන් පී කාරයො. ඒ කාලෙ පක්ශ රැස්විම් සංවිධානය කලේ අපේ තාත්තල අයියල මැදිහත් වෙලා.

එක අයිය කෙනෙක් කලුබෝවිටියන මහ විද්‍යාලයෙ ගණිතය ගුරුවරයෙක් විදියට සෙවය කරා. එක්සත් ජාතික පක්ශයට සම්බන්ධ ගුරු සංගමේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. අනෙක් අයිය මොරවක නගරයෙ කඩයක් කලා. අපි ගමේ හැම දෙනා එක්කම දෙශපාලණ බෙදයක් නැතිව සමගියෙ ඉදපු ගමේ හැමොම අතර හොද හිත දිනන් උන්න පවුලක්. කොහොම හරි ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය ඇරඹුනේ ඔය කාලේ. මම එතකොට මොරටුවේ කාර්මික විද්‍යාලයක ඉගෙන ගන්නව.

මේ වෙනකොට ජේවිපය දෙණියාය්ව් ඉතා ප්‍රබලව ක්‍රියාත්මක වෙන්න ගන්නව. ඒ කලෙ ගමේ උන්න එජප ක්‍රියාකරිකයන්ට සහ පාක්ශිකයන්ට උදාවෙන්නෙ ජවිප තුවක්කුවට යට වෙන්න් උන කාලයක්. දවසක් ලොකු අයියගෙ කඩේට ඇවිල්ල තුන්ඩු දිල තිබ්බ කඩෙ වහන්න. අයිය කඩේ වැහුවෙ නෑ. හමුදාවෙන් එද ගොඩක් කඩ බලෙන්ම විවෘත කලා ගොඩක් කඩ වල අය ජවිපයට බයේ කඩ වල බාගයක් ඇරන් ඉදල තියෙන්නෙ හැබැයි අපේ අයිය කඩේ සම්පූර්ණයෙන්ම ඇරල. හමුදාවෙ අයට කෑම බීම වලිං පවා සංග්‍රහ කරල

ඊට දවස් දෙකකට පස්සෙ ජවිපයෙන් තරුණයන් දෙන්නෙක් මොටර් සයිකලයක ගෙදරට ඇවිල්ල තාත්තගෙ අතට තුන්ඩුවක් දීල. ඒකි ලියල තිබිල තියෙන්නෙ” අවසාන අවවාදය – ද්‍රෝහින්ට මරණ දඩුවම ලබා දීමට දේශප්‍රෙමි ජනතා ව්‍යාපාරය තීරණය කර ඇත.

නිවෙදනයන් විදියට තිබිල තියෙන්නෙ දෙශද්‍රෝහි එක්සත් ජාතික පක්ශයේ දෙශපාලන වැඩ වලින් ඉවත් වීම
අයියගෙ කඩේ වසා දැමීම පොඩි අයිය ගුරු සංගමෙ වඩ වලින් ඉවත් වීම. මේ ලිව්ම තාත්තට දීපු උන් එක්ක තාත්ත වාදෙකට පැටලිල. එතකොට උන්ගෙන් එකෙක් බැහැල තාත්තගෙ බෙල්ලට පිහියක් තියල බෙල්ලෙ පැත්තක් කපල. පොඩි අයිය එවෙලෙ ගේ පිටිපස්සෙ එලවලු පාත්තියක් උදලු ගගා ඉදල තියනව කෑගහණ සද්දෙට දුව ගෙන ආව පොඩි අයිය තාත්තගෙ බෙල්ල කපපු එකාගෙ ඔලුවට උදැල්ලෙං ගහල උදලු පාර වැදුන එකාගෙ ඉලුවට එක් වැදිල නැතුව උරහිස කපාගෙන ගිහිං එකා ලේ පේරා ගෙනම බයික් එකේ නගල පැනල ගිහින්. පොඩි අයිය තාත්‍තව ඉස්පිරිතාලෙ ගෙනිහින්. ලොකු අයියත් ගෙදරඇවිල්ල. අපි ගමේ ජෙවිපි කර අය දන්නව. ගාමෙ ජෙවිපි කර උන් අපිට කරදර කරල නෑ හැබැයි උන් එහෙම නොකරන්නෙ ඇදුනුම් කමට. උන් උඩින් හොදමූණ පෙන්නල පිටිං ආව උන් ට අපි ගැන විස්තර කියන්නෙ.

මේ සිද්දියට පස්සෙ පොලිසියෙන් ඇවිල්ල උන්න සති කීපයක්ම රෑට පොලිසියෙ දෙන්නෙක් ගෙදරත් ආව. මොකද ජවිපයෙන් එ වෙනකොට පවුලටම මරණ දඩුවම දෙනව කියල බෝඩ් එකක් ගෙදර වැටේ එල්ලල ගිහින් තිබ්බ. කොහොම හරි ඔහොම මාස කීපයක් ගිය තත්වය සාමාන්‍ය අතට හැරුණ. ජෙවිපී ක්ලබල දරුණු උනත් ජවිපෙන් අපිට කිසිම කරදරයක් උන්නේනෑ. ජවිපයෙ ප්‍රදෙශයේ ඉදපු නායකයෙක් ලොකු අයියට කියල තියනව අපිට කිසි කරදරයක් වෙන්න තියන්ණැ කියල. ඒ මනුස්සය අපේ අයියල එක්ක හිතවත් මනුස්සයෙක්. මස කීපයාට පස්සෙ මේ මනුස්සය අතුරුදන් උනා. හමුදාවට අහුවෙලා. ඊට පස්සෙ තමා අපේ පවුලම උන් මරා දාන්නෙ. මමයි අක්කයි අම්මයි ඉතුරු වෙනව. මම කොළඹ උන්න නිසා මගේ ජිවිතය බේරෙනව. උන් තුවක්කුවෙන් අක්කගෙ ඔලුවට ගහල. අක්කගෙ කරුමෙට එද අක්ක ගෙදර ඇවිල්ල ඉදල එයාගෙ මහත්තය එක්ක. රෑ ජවිපයෙ අය ගේ වට කරල තාත්තටයි අයියල දෙන්නටයි අඩ ගහල. ලොකු අයිය කඩුවක් අරං දොර අරින කොටම ආව එකාට කොටල පොඩි අයියත් මන්නෙයක් අරං එලියට ගියත් උන් පොඩි අයිට එතනම වෙඩිතියල මරල ලොකු අයියටත් වෙඩි තියල. එයා වෙඩි වැදිල වැටිල ඉන්න කොට උන් එයා එලියට ඇදං ගිහින් ගේ ඉස්සරහ පනපිටින් පැට්‍රොල් වක්කරල ගිණි තියල. අම්මයි අක්කයි කෑ ගහණ කොට අක්කට තුවක්කු බදෙන් ඔලුවට ගහල අක්ක අදටත් මානසික රොගියෙක්. එයාගෙ මොලයට තුවාල වෙලා අද එක් තෑන්. අක්කයි අම්මයි ගෙයින් එලියට ඇදල දාල උන් තාත්තවයි මස්සිනාටයි ගේ ඇතුලෙම වෙඩි තියල. ගෙට ගිණිතියල ගිහින්. පැය ගාණකට පස්සෙ පොලීසියෙන් ඇවිල්ල අම්මයි අක්කයි ඉස්පිරිතාලෙ එක්ක ගිහින් තියෙන්නෙ.

මට පහුවෙනිදා පනිවිඩය ලැබිල මම ගෙදර ආවම මම දක්කෙ අලු වෙලා තිබ්බ ගේ. අම්මයි අක්කයි ඉස්පිරිතාලෙ. මට කරන්න දෙයක් හිතා ගන්න බැරි උනා. මම ඉස්සෙල්ලම කිව්වෙ මට හමුදාවෙ ලොකු මහත්තය හම්බෙන්න ඔන කියල. මට එවෙලෙ ආව එකම දෙ තමා ඔලුවට මට මගෙ පවුල විනාස කර උන්ගෙන් පලි ගන්න ඔන කියන එක මම දන්නෑ මගෙ පව්ලම මැරුවෙ කවුද කියල මම උන් අදුනන්නෑ. සමහර විට උන් අපි අදුනන්නෙත් නැතිව ඇති. මම දන්න එකම දෙ මෙක කරේ ජේ වී පී එකෙන් කියල. මට ඔන ජෙවිපී එකට සම්බන්ද ඔක්කොගෙනම පලි ගන්න.
මම කෑම්ප් එකට ගිහින් මම දන්න මගෙ පන්තියෙ එකට ඉදපු දැනට ජෙවිපී කරන උන්ගෙ නම් ඉදල ඔක්කොම කිව්ව. හොදටම දන්න උන් ගෙ වගෙම සැක උන්ගෙත් නම් කිව්ව. උන් අල්ලන්න හමුදාවට ගෙවල් පෙන්නුව. සමහර අයගෙ ගෙවල් වල උන් හිටියෙ නෑ. එහෙම වෙලාවට අපි උන්ගෙ පවුලෙ උන් අරං ආව. හමුදාවෙ කීප දෙනෙක් එක්ක ආයුද අරං මම ඇතුලු තව කීප දෙනෙක් හැමදාම රෑට පලාතෙම ජෙවිපි සැක කාරයො හොය හොය ඇවිදිනව සැක උන් අරං එනව. අදවෙනකොට මට පසුතැවීමක් තියනව මම කල දෙවල් වලට. මම පලිගැනිමට කල දෙවල් වලට. හැබැයි ඒ පසුතැවීම ඇතුලේ මට ලොකු සතුටක් තියනව. මගේ අහිංසක පවුලම විනාස කරපු උන් විනාස කරල මැරුණ පවුලෙ අයට සාදාරණයක් ඉටු කරල දෙන්න ලැබුණ එක ගැන.
ඒ කාලෙ දෙනියායෙ මහ විද්‍යලෙ ප්‍රදාන වදකාගාරයක් පවත්වං ගියා ඒකට තමා අපි අරං එන්නෙ ජවිපයෙ අය. 1989 අන්තිම වෙනකොට මම හමුදාවෙම සාමාජිකයෙක් වගේ දකුණු පලාත පුරාම අපි ක්‍රියාත්මක උනා. හැම දාම රෑට 10-15 එකතු කරං එනව. ඒ දවස් වල උන්ට වද දෙනව බලල මම මහ කාලකන්නි සතුටක් වින්ද. උන් කෑගණ කොට මට මතක් වෙනව මගෙ පවුලෙ අය අයිය අම්ම අක්ක මෙහෙම කෑගහන්න ඇති නේ…අඩන්න ඇති නේ කියල. කිසිම දෙශපාලණයකට සම්බන්ද නැති අක්ක එයාගෙ මහත්තය මරන කොට දනුන වෙදානව මුන්ට දැනෙනව නෙද කියල. කොටිම්ම කාලය එක්ක මම මස් වැද්දෙක් උනා. මිනිස් ලේ මස් අතරේ ජිවත් වෙන අමුසොහොණක ජිවත් වෙන් ඓකෙක් උනා
1990 මුල අපි එක්ක එකට වැඩ කරපු කොල්ලො කීපදෙනෙක් අතුරුදන් උනා. ගෙවල් වලිං කිව්වෙ ජෙවිපි කියල හමුදාවෙන් අරං ගියා කියල. පස්සෙ දවසක් හමුදාවෙ සර් කෙනෙක් කාලයක් මාව දන්න මට කිව්ව මල්ලි පරිසං වෙයන් උඹලට ගේම් එක දෙන්න පොලිසියට ඔඩර් දීල කියල ආරංචි කියල.
මට මහ බයක් දැනුන අම්මයි අක්කයි ඒ කාලෙ උන්නෙ ලොකු අම්මලගෙ ගෙදර. මම එහෙ යනව කියල හමුදාවෙන්ම පාවිච්චි කරපු වාහනෙක ලොකු අම්මලගෙ ගෙදර ආව. ඇත්තට මම එයාලට කියල තිබ්බෙ නෑ මම කරන දෙ. එයාල හිතං උන්නෙ මම කොළඹ ඉන්නෙ කියල. පස්සෙ මම ලොකු අම්මට කිව්ව ජෙවිපී එකෙන් මාව මරන්න හොයනව මට රටින් පැනල යන්න ඔන කියල. පහු වෙනිදම මම ලංකාවෙන් පිට වෙලා රටවල් කීපයක ඉදල පස්සෙ එක්සත් ජාතින්ගෙ සංවිදානය හරහා නෙදර්ලන්තෙ දෙශපාලන රැකවරණය ගත්ත
මම අදටත් තනිකඩයි. මම මානසික ලෙඩෙක්. රෑට නිදා ගන්න බෑ. මම මරණෙට දක්කපු මිනිස්සු කැගහපු හැටි අඩපු හැටි උන්ගෙ ලේ බේරෙන සරීර මට හැම මොහොතෙම පේනව. ඒත් මට මෙහෙම උනේ ඇයි. අහිංසක විදියට ජිවත් උන මිනිස්සු අපේ පවුලම මරල දාල අපේ ජිවිත විනාස කරනා අපි ඔය මාක්ස්වාදී කල්ලියට කර වැරැද්ද මොකද්ද . මම වැරදි දෙවල් කරා කියල අද පසු තැවුනට ඇත්තටම මට වෙන මොනාද කරන්න පුලුවන්. මගෙ පවුලම මැරුව කියල නඩු ගිහින් සාදාරණයක් ලැබෙනකන් බලං ඉන්නද. එහෙම නැත්තං උන් මාවත් මරල දානකං හැංගි හැංගි ජීවත් වෙන්නද මට වෙන විකල්පයක් තිබ්බෙ නෑ මල්ලි. උන් අපිව කැලේ නිතියෙන් බල්ලො බලල්ලු වගේ මැරුව. ඉතුරු උනේ මම එකම පිරිමිය මම මගේ පවුල මරුනු අය වෙනුවෙන් මගේ යුතුකම කලා.
මල්ලිගෙ පවුලටත් ඔහොම කරා නම් කවුරු හරි රටෙ කැලෑනිති හදන් මල්ලිටත් පත් වෙන්නෙ මම පත්වුන තත්වෙට. පොඩි කාලෙ කුරුල්ලෙක්ට කැටපොලෙකින් විදල නැති බල්ලෙක්ට ගලකින් ගහන්නැති මම එක දවසෙන් වදකයෙක් කලේ කවුද?
———-

මේ ජේවීපී භීෂණයේ තවත්ඔ එක්හු අතුරු කතාවක් පමණයි.

ලාංකීය සමලිංගිකයන්ට නිසි තැන ලඟදීම අලුත්ම විස්ථර මෙතනින් කියවන්න

මම සමලිංගික කෙනෙක්ද?

ගැහැනු ළමයෙක්ගේ හිත තවත් ගැහැනු ළමයෙක්ට නැත්නම් පිරිමි ළමයෙක්ගේ හිත තවත් පිරිමි ළමයෙක්ට ඇදිලා ගිය පළියට එයා සමලිංගික කෙනෙක් කියලා කියන්න බැහැ.

ගොඩක් වෙලාවට ඒ වගේ හැඟීම් ටික කාලෙකින් නැති වෙලා යනවා.

අවුරුදු 16ක් වයස ලිසෙට් කියන යෞවනියගේ හිතත් තව ගැහැනු ළමයෙක්ට ඇදිලා ගියා. හැබැයි කාලයත් එක්කම ඒ හැඟීම නැති වුණා. ඒ ගැන ලිසෙට් මෙහෙම කියනවා. “ඉස්කෝලෙදී මං ඉගෙනගත්තා නව යොවුන් වියේදී හෝමෝන වැඩ කරන විදිහ නිතර නිතර වෙනස් වෙන නිසා හැඟීම් හරි ඉක්මනට වෙනස් වෙනවා කියලා. ඒ නිසා ගැහැනු ළමයෙක්ගේ හිත තවත් ගැහැනු ළමයෙක්ටත් පිරිමි ළමයෙක්ගේ හිත තවත් පිරිමි ළමයෙක්ටත් ඇදිලා යන්න ඉඩකඩ තියෙනවා. හැබැයි ඒ වගේ හැඟීම් තියෙන්නේ ටික දවසයි. අනිත් යෞවනයොත් ඒ ගැන දැනගෙන හිටියා නම් ඒ වගේ හැඟීම් ඇති වුණාම එයාලා සමලිංගික අය කියලා හිතන්න ඉක්මන් වෙන්නේ නැහැ.”

කොයි පාරෙද යන්නේ කියලා කල්පනා කරන යෞවනයෙක්
ලිංගික දේවල් ගැන සමාජයේ තියෙන විකෘති අදහස් පිළිගෙන ඒ විදිහට ජීවත් වෙනවාද නැත්නම් දෙවිගේ උසස් ප්‍රමිති අදාළ කරගන්නවාද? තීරණය ඔයා අතේ
හැබැයි සමලිංගික හැඟීම් කාලයත් එක්කම නැති වෙලා යන්නේ නැත්නම් මොකද කරන්නේ? සමලිංගික ඇසුර දෙවි තහනම් කරලා තියෙන එකෙන් දෙවි කරලා තියෙන්නේ ලොකු අසාධාරණයක් කියලා ඔයාට හිතෙනවාද?

ඒක අසාධාරණයක් කියලා ඔයාට හිතෙනවා ඇත්තේ ලිංගික ආසාවන් ඇති වුණාම ඒක හිතේ තියාගෙන ඉන්නේ නැතුව ඉටු කරගන්න ඕනේ කියලා සමාජයේ තියෙන වැරදි මතය නිසා වෙන්න ඇති. හැබැයි බයිබලයේ පැහැදිලිවම කියන්නේ වැරදි ලිංගික ආසාවන් ඇති වුණාම ඒවා පාලනය කරගන්න කියලයි. හැම කෙනෙක්ටම තමාව පාලනය කරගන්න හැකියාව තියෙනවා.

සමලිංගික ඇසුර දෙවි තහනම් කරලා තියෙන එක අසාධාරණ නැහැ. මොකද ඒ වගේ තහනමක් දෙවි දාලා තියෙන්නේ සමලිංගික අයට විතරක් නෙමෙයි. ගැහැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි අතරේ වැරදි ලිංගික ආසාවන් ඇති වෙනවා නම් ඒවාත් පාලනය කරගන්න ඕනේ කියලා බයිබලයේ කියලා තියෙනවා. (1 කොරින්ති 6:18) හුඟක් අය ඒ වගේ වැරදි ලිංගික ආසාවන් පාලනය කරගෙන තියෙනවා. එහෙමනම් සමලිංගික හැඟීම් තියෙන අයටත් දෙවිට කීකරුව ජීවත් වෙන්න උවමනාවක් තියෙනවා නම් එයාලගේ හැඟීම් පාලනය කරගන්න පුළුවන්

ක්‍රීඩකයෙක්ගේ වංශකතාව -ඩග් ඉන්සෝල් (1926 – 2017)

එසෙක්ස් ප්‍රාන්තයට මෙන්ම එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස දායකත්වය සැපයු ඩග්ලස් ඉන්සොල් හෙවත් ඩග් ඉන්සොල් 05.08.2017 වන දා මිය ගිය බවට වාර්තා පල විය. පළමුපෙළ තරඟ තුල ලකුණු 25,000 කට අධික ප්‍රමාණයක් රැස්කරගත් ඩග් ක්‍රීඩා කලේ ටෙස්ට් තරඟ 9ක් පමණයි. ටෙස්ට් තරඟ තුලින් සමුගත් ඔහු පසුකලක මතභේදාකාරි ක්‍රිකට් පරිපාලකවරයෙක් ලෙස කතාබහට ලක්විය.

එංගලන්තයේ බැසිල් ඩි ඔලිවේරා 1968/69 වසරේ පැවති දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරඟාවලියෙන් ඉවත් කිරීමත් සමඟම එය ක්‍රිකට් විශ්ලේෂකයින්ගේ දෝෂදර්ශනයට හසුවිය. එකල දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදය උග්‍ර අවස්ථාවක් වූ බැවින් ඩග් ඇතුළු තේරීම් කමිටුව එය සාධාරණයට ලක් කලේ බැසිල් ට වඩා දක්ෂ පිතිකරුවන් ඔවුන් තෝරාගත් පිලේ සිටින බවයි. නමුත් හාස්‍යය දනවන සිදුවීම වුයේ එම තරඟාවලියට පෙර පැවති ඕස්ට්‍රේලියානු තරඟ වාරයේ දී අවසන් ටෙස්ට් තරඟයේ බැසිල් ලකුණු 158ක් රැස්කිරීමයි. කෙසේ වෙතත් එම තීරණය වැරදි එකක් බව තේරුම් ගත ඩග් ඇතුළු තේරීම් කමිටුව ඔහුව නැවතත් දකුණු අප්‍රිකාවේ පැවති සංචාරය සඳහා සංචිතයට ඇතුලත් කරන ලදී. ඉන් පසු සිදුවුයේ දකුණු අප්‍රිකාව එංගලන්තය සමඟ ක්‍රීඩා කිරීමෙන් වැලකීම සහ 1990 දශකයේ මුල් භාගය තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තහනම් වීමයි.

එමෙන්ම 1967 වසරේ දී ඉන්දියාවට එරෙහිව ද්විත්ව ශතකයක් රැස්කරන ලද ජෙෆ්රි බොයිකොට් (246) ඉන්පසු පැවති තරඟ සඳහා ක්‍රීඩා කිරීමෙන් වැලක්වීමට ඔහු තීරණය කල හේතුව වුයේ එම ඉනිම කණ්ඩායම වෙනුවෙන් නොව ඔහුගේ පුද්ගලික වාර්තා සඳහා බව වීම නිසයි. 1978 වසරේ දී ටෙස්ට් සහ ප්‍රාන්ත ක්‍රිකට් ආයතනය (TCCB) සභාපතිවරයා ලෙස කෙරී පැකර් විසින් සංවිධානය කල වර්ල්ඩ් සිරිස් තරඟාවලියට සහභාගී වූ සියලුම ක්‍රීඩකයින්ට එංගලන්තයේ කිසිදු පළමු පෙළ තරඟයක් සඳහා දායකත්වය සැපයීමෙන් වැලක්වීමට තරඟ තහනමක් ලබා දෙන ලද අතර පසුව එය ඉවත් කෙරිණ.

 

cricketkatha111

දුටු ගැමුණු රජුගේ බිසව ගැන අලුත්ම ඉතිහාස කතාව මෙන්න

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත්ම රජෙකු වූ දුටුගැමුණුගේ (ක්‍රි.පූ. 161-137) බිසව ගැන ජනප්‍රවාද, වංශකතා, ලෙන්ලිපි අනුව තොරතුරු විමංශනයක්‌ මෙහිදී කෙරෙයි. දුටුගැමුණු රජුගේ පෙර භවය හා මතු භවය පවා මහාවංශකරු සවිස්‌තරව දැක්‌වුවත් ඔහුගේ බිසව ගැන සටහනක්‌ නොයෙදීම අභිරහසකි. හේතුව ගැමුණු රජුගේ බිසව රාජවංශයයි නොගැළපෙන සාමාන්‍ය කාන්තාවක්‌ වීම දැයි සැක හිතෙයි.

දුටුගැමුණු රජුට 16000 පුර ස්‌ත්‍රීන් පිරිවර ගිය බව ථුපවංශය කියයි. දුටුගැමුණු රජු මළ පසු රජුගේ නාටිකාංගනාවන් රජුගේ ඔටුන්න ගැල වූ ස්‌ථානය මකුටමුත්තශාලා නම් වූ බව මහාවංශය (32(79) කියයි. ඔහුගේ මතු ජන්මය මහාවංශය මෙසේ කියයි. කාවණ්‌තිස්‌ස මතුකල මෙතේ බෝසතුන්ගේ පියා වෙයි. විහාර දේවී මව වෙයි. ගැමුණු මෙසේ බෝසතුන්ගේ දකුණත් සව් වන අතර තිස්‌ස වමත් සව් වෙයි. සාලිය මෙසේ බෝසත් පුතා වන අතර අනුලා බිසව මෙතේ බෝසතුන්ගේ බිසව වෙයි.

ගැමුණු කුමරු පියාට අකීකරුව මලය රටට පලාගිය බව වංශකතා කියයි. ජනප්‍රවාද අනුව ගැමුණු කුමරු වෙස්‌වලාගෙන අවුරුදු 12 කොත්මලේ කොටගේපිටියේ ගමේ ජීවත් විය. කොටගේපිටිය ඌරු පැලැස්‌සේ ගමගෙදර ජීවත් වූ ඔහු එකල ගුත්තා නමින් හඳුන්වනු ලැබීය. ඔහු එකල අස්‌වැද්දුවෙල රජතලාවෙලයි. ඒ කුඹුරුයාය අසළ කුමරු සිටි ලෙන් තවම ඇත. ඒ අසළ පිහිල්ලකි. සළුපිළි වැනු තැන සළුගලයි. ඌරු පැලැස්‌සේ ගමරාළ විසූ වීසුරු ගෙදර බාල දියණිය වූ රන් මැණිකා කුමරුට ආදරය කළාය. වැඩිමල් දූ කළුමැණිකා ඔහු නුරුස්‌සයි. කුමරු මාස්‌වෙල වෙල්යායේ සී සාමින් සිට රන්මැණිකාගේ උකුල මත නිදා සිටිද්දී රජකම ලැබීම ගැන සිහිනයක්‌ දැක ඇත, සිහිනය තේරුම් කළේ පොන්නා නැකැත්තාය. ඔහුට රජකමට ඇතා දණගැසුවේ පුසුල්පිටිය දාගැබ ළඟදීය. කුමරු මෙහිදී කලක්‌ ආදරය කළ රන්මැණිකා තම බිසව ලෙස මාගමට කැඳවා ගෙන ගිය බව ජනකවි දෙකක එයි.

“දුල ගාමිණි කුමරු කරනට කාර සුබ – කළුමැණිකේ පින් නොකළේ මන්ද නුඹ

හෙළිදිව කිරුළට පියාගෙන් මෙදින ලැබ – රන්මැණිකෝ රජ කරන්නට නැඟනු නුඹ”

“දන් පින් කරන අයටයි සොද රජවන්ට – අනේ බැරිවේවි කළුමැණිකට යන්ට

ආලෙන් සිටය සැමදා නුඹ සරි =මෙමට – රන් මැණිකෝ නැඟපන් මාගම යන්ට”

වංශකතා අනුව ගැමුණුගේ බිසවක්‌ ගැන නොඑයි. නිළියන් සිටි බව එයි. ජනප්‍රවාද අනුව ඔහුගේ බිසව වූයේ කොත්මලේ කොටගේපිටියේ ඌරුපැලැස්‌සේ ගමරාළගේ දූ වූ වීසුරු ගෙදර රන්මැණිකාය. රාජ බිසවක්‌ වීමට ක්‍ෂත්‍රීය වංශික කුමාරිකාවක්‌ මීට අවශ්‍ය නිසා වංශකතා ගැමි තරුණියක වූ රන්මැණිකා ගැන නිහඬවූවාදැයි සිතිය යුතුයි. කැකිරාවේ කොස්‌ස ගමකන්ද ලෙන් ලිපියක දුටුගැමුණු රජුගේ බිසවක්‌ ගැන කියවෙයි. රාජකීය ආසියාතික සංගම් 36 කලාපයේ හා මහාචාර්ය පරණවිතාන සංස්‌කරණය කළ “ලංකාවේ බ්‍රාහ්මී ලෙන්ලිපි” ග්‍රන්ථයේ අංක 193 ලෙස කොස්‌සගම කන්ද ලෙන් ලිපිය පළ වී ඇත. “මහ රක්‌ඨහ ගාමිණී අභය දෙවනපියතිශ රමණී බිරිය මිලකනිග විහාරේ කාරිනෙ කතිය” (දෙවනපියතිශ ගාමිණී අභය රජුගේ රමණීය බිසව පු කති මි ලක්‌ඛතිස්‌ස විහාරය කරවීය). මෙහිදී ගැමුණු රජුගේ බිසවගේ නම කති ලෙස ගතහොත් ඇය ලෙන්ලිපි අනුව ඇය වෙනත් බිසවකි. රමණි යනු බිසවගේ නම ලෙස රමණී මිලක්‌ඛතිස්‌ස විහාරය කළ බව ගත හැකි නම් රමණි යනු ජනප්‍රවාදවල සඳහන් රන්මැණිකා විය නොහැකිදැයි අනුමාන කළ හැක. කොස්‌ගම කන්දේ තවත් ලෙන් ලිපියක්‌ ඇත. පරණවිතාන මහතා “ලංකාවේ බ්‍රාහ්මී ලෙන්ලිපි” ග්‍රන්ථයේ අංක 194 ලෙස හඳුන්වන මේ ලිපිය විනාශව ඇත.

එල්ලාවල මේධානන්ද හිමි “දුටුගැමුණු මහ රජතුමා” ග්‍රන්ථයේ “කතී” යන නම කැති නැකත අනුව දුන් එකක බව කියයි. “රමණී කතී” යන ලෙන්ලිපි නාමය ජනප්‍රවාදවල එන රන්මැණිකා බිසවගේ නමේ ඡායාව ඇති බව (පිටුව 101) එතුමා කල්පනා කරයි.

කොස්‌සගම කන්ද ලිපිය අනුව ගැමුණු රජුගේ බිසව “කති” ලෙස ගතහොත් “කති” යනු විහාර දේවිය විසින් කටියාව ජනපදය පාලනයට පත් කළ රාජවංශික කුමාරිකාවක්‌ බව “ගැමුණු රජුගේ දෙවන බිසව “කටී” නම් කවි පොතක කියවෙයි. ඒ අනුව විහාරදේවියගේ අනුමැතිය ඇතිව පණ්‌ඩුකාභය පරපුරෙන් පැවත එන කති කුමරිය සමඟ ගැමුණු කුමරු විවාහ වූ බව එහි කියවෙයි. අද “කටියාව” ජනපදය ඇය විසූ ප්‍රදේශය බව එහි කියවෙයි.

මොණරාගල පොතුවිල් පාරේ පියන්ගල ලෙන්ලිපි දෙකක්‌ අනුව දුටුගැමුණු රජුට “රජිතා” නම් බිසවක්‌ විය. පියන්ගල ලෙන්ලිපි දෙකෙහි එන “දෙවන පිය මහරජ ගාමිණී අභය” යනු දුටුගැමුණු රජු බව පරණවිතාන මහතා කියයි. පියන්ගල ලිපියක්‌ අනුව දෙවන පියතිස්‌ ගාමිණි අභය රජුගේ බිසව වූ රජිතාගේ නෑයෙකු වන දනසුමන භික්‍ෂුන්ට ලෙනක්‌ පුදයි. පියන්ගල දෙවන ලිපිය අනුව ගැමුණු රජුගේ දුවක්‌ පරුමක දුට සුමග විවාහ ව ඇය ලෙනක්‌ පුදයි. මේ දෙවන ලිපිය අනුව ගැමුණු රජුට දුවක්‌ වූ අතර ඇය පරුමක දුට සුමන සමඟ විවාහ විය. මහාවංශය සඳහන් කරනුයේ දුටුගැමුණුගේ පුත් සාලිය කුමරු ගැන පමණකි. පියංගල ලෙන් ලිපියේ කියවෙන රජිතා බිසව ගැමුණු රජුගේ අග බිසව වීමට ඉඩ ඇති බව එල්ලාවල මේධානන්ද හිමි දුටුගැමුණු මහරජතුමා ග්‍රන්ථයේ කියයි. (පිටුව 102)

එල්ලාවල මේධානන්ද හිමිගේ “නවතම ශිලා ලිපි ගවේෂණ ග්‍රන්ථය” අනුව අගබිසව රක්‌ධිනය. රජුට දාව ඇය ලැබූ දියණිය අභිතිශ (පිටුව 20) වෙයි.

සාලිය කුමරුට රජකම නොලැබීමට එක්‌ හේතුවක්‌ ඔහුගේ මව රාජකීය පරපුරේ බිසවක්‌ නොවීමයි. එයද එක්‌ හේතුවකි. එසේ නම් සාලියගේ මව ගැමුණු රජුගේ තවත් බිසවකි.

ගැමුණු රජුගේ පුත් අයශිව කුමරු ගැන ලෙන්ලිපිවල එයි. අයශිවගේ මව ගැමුණු රජුගේ තවත් බිසවක්‌ වීමට ඉඩ ඇති බව “දුටුගැමුණු රජතුමා” (පිටුව 116) ග්‍රන්ථයේ දී එල්ලාවල හිමි කියයි.

මිහන්තලේ අංක 18 හා 19 ලෙන්ලිපිවල අභය ගැමුණු නම් රජෙකු ගැන කියවෙයි. ඒ ලිපිවල කියවෙන්නේ දුටුගැමුණු රජු ම නම් ඔහුට ක්‍රිෂ්ණා නම් බිසවක්‌ විය. “නවතම ශිලාලිපි ගවේෂණ” ග්‍රන්ථයේ දී (පිටුව 20) එල්ලාවල මේධානන්ද හිමි ඒ බව අනුමාන කරයි.

තවත් ජනප්‍රවාදයක්‌ අනුව දුටුගැමුණු රජුගේ බිසව වූයේ අනුරාධපුර රජකළ එළාර රජුගේ දුවකි. ථූපවංශයේ ඇතැම් පිටපත් අනුව ගැමුණු රජගේ මරණයට හේතු වූයේද පෙම්හබයකි. (මහාවංශය කියවන විට දුටුගැමුණු රජු මැදිවියේ හදිසියේ මියගිය බවක්‌ පැහැදිලිව ම හැඟෙයි) ථුපවංශය ඇතැම් පිටපත් අනුව රුවන්වැලිසෑය වැඳීමට නාලොවින් එන නාග කන්‍යාවක්‌ දැක දොරටු පාලයා ඒ බව රජුට දැන්වීය. රජු සැඟ වී සිටින විට නාග කන්‍යාවන් හතක්‌ මතුවිය. පළමු නාග කණ්‍යාව අල්ලා ගත් විට ඉතිරි හයදෙනා පැන ගියහ. නාකෙල රජුගේ බිසව බව කියා වරදක්‌ නොකරන ලෙස කන්නලව් කළත් රජු ඇයගෙන් ආශා සංසිදවා ගත්තේය. ඇය රජුට අවවාද කර පලාගිය පසු රජු තිසා වැවට නෑමට යැම අත්හලේ නාකෙල රජු පළිගත හැකි බැවිනි. කාලයකට පසු ඒ අමතකව රජු තිසා වැවට දියකෙළියට ගියවිට නාරජු සැඟ වී සිට පහරදීම නිසා ගැමුණු රජු සිහිමූර්ජාව ඇඟුළුවලින් ගෙන ගිය විට මළ බව ථුපවංශය කියයි. ථුපවංශය ඇතැම් පිටපත්වල එන මේ කතාව අනුව ගැමුණු රජු අකල් මරණයක්‌ කරා ගියේ නාග කන්‍යාවකට බැඳි ප්‍රේමයකිනි. ජනප්‍රවාද දෙකක මේ කතා පුවත මඳක්‌ වෙනස්‌ව එයි. ගැමුණු රජ ජයසේන නා රජුගේ බිසව ගැන ආශාවී ජයසේන මරවන ලදුව ඔහු නයෙකු වී ඉපද ගැමුණු රජුට දෂ්ඨ කර මැරූ බව එක්‌ කතාවකි. තවත් කතාවක්‌ අනුව රජුගේ මල් උයනට මල් කැපීමට ආ නාග කන්‍යාවක්‌ රජු තම මෙහෙසිය කර ගන්නා ලදී. කවර වෙලාවක දෂ්ඨ කළවිට විෂ උග්‍රවේදැයි රාජ වෛද්‍ය කපුරුනාථගෙන් විමසා ඒ මර වෙලාවට රජුට දෂ්ඨ කළේය. වෛද්‍ය කපුරුනාථ බේත් ගසකට අත දිගුකර මියගිය අතර ගැමුණු රජු තනකිරි ඔරුවක බහාලුවද නාග විෂ නිසාම මළේය.

පියන්ගල ලෙන් ලිපියක්‌ අනුව ගැමුණු රජුට දුවකු විය. මහාවංශය ඇතුළු වංශකතා ඔහු පුත් සාලිය ගැන කියයි. සාලියගේ මව කව්ද ජනප්‍රවාදවල එන රන්මැණිකා වීමටද ඉඩ ඇත. ඔහුට රජකම නොලැබීමට හේතුව සාලිය අශෝකමාලා පවා ගැනීම නොව (අශෝකමාලා චණ්‌ඩාල කන්‍යාවක්‌ නොවන බව පරණවිතාන මහතා ඔප්පු කරයි). මව රාජකීය කාන්තාවක්‌ නොවීමද විය හැක. රජකම ලැබීමට මව්පිය උභය කුල රාජවංශික විය යුතුය බව සීගිරි කාශ්‍යප කුමරුන් (478 – 496) කතාවෙන් පෙනී යයි. රන්මැණිකා රාජකීය කාන්තාවක්‌ නොවීම නිසා ඇය ගැන වංශකතා නිහඬ වූ අතර සාලිය කුමරු ඇගේ පුතා නම් ඔහුට රජකම ලබා ගැනීමටද එය එක්‌ බාධකයක්‌ විය.

ජනප්‍රවාද අනුව රන්මැණිකා හා එළාර රජුගේ දුවක්‌ ගැමුණුට බිසව විය. කොස්‌සගම කන්ද ලෙන් ලිපිය අනුව ගැමුණුගේ බිසව කතීය ඇගේ නම රමණී ලෙස ගතහොත් ඇය ජනප්‍රවාදවල එන රන්මැණිකාම විය හැක. පියන්ගල ලිපියක්‌ අනුව ගැමුණුට රජිතා නම් බිසවක්‌ විය. කතී හා රජිතා යනු බිසවුන් දෙදෙනෙකි. ගැමුණු රජුගේ මරණයට හේතුව නාග කන්‍යාව පිළිබඳ කතා පුවතක්‌ ඇතැම් ථුපවංශ පිටපත් හා ජනප්‍රවාදවල එයි. වංශකතා අනුව සාලිය හා පියන්ගල ලිපිය අනුව දුවක්‌ද ගැමුණු රජුට වූ බව පෙනෙයි. “අබිනිග” ලෙන්ලිපි අනුව රජුගේ තවත් දුවකි.

එස්‌. කේ. ජයවර්ධන

රෝහණ විජේවීර උපාධිය ලැබුව හැටි දැනගන්න කියවන්න

ඉර ගැසිය යුතු තැන ඉර ගැසිය යුතුමය.

  1. සයිටම් අරගලයෙ මුල සිටම ජනතා විමුක්ති පෙරමුණ තිබු සැබෑ උවමනාව වූයේ සයිටමය අහෝසි කිරීම නොව තම දෙවන පෙල නායකත්වයේ හිඩැස පිරවීමට විශ්ව විද්‍යල සිසුන් කීප දෙනෙකු බිලි බාගැනීමයි.
  2. ඔහුන් ඒ සදහා. උපයෝගි කර ගන්නා ප්‍රයෝගය නම් රෝහණ විජේවිර සහොදරයා තම උපාධිය අත හැර විප්ලවය තෝරා ගත්තා යන මුසාවාදය අත ඇරීමයි.
  3. නමුත් ඇත්ත කථාව නම් රෝහණ සහෝදරයාට නැවත රුසියාවට යෑමට වීසා නොලැබීම නිසා ඔහුගෙ දොස්තර උපාධිය ලබා ගැනීමේ අවස්ථාව අහිමි විය.
  4. එනමුදු 1971 සිටම තම උපාධිය නොව ජීවිතයම කැප කරමින් සමාජවාදය සදහා අරගල කර තරුණ තරුණියන්ගෙ වටිනාකමට සෘණ අගයක් ලබා දෙමින් පසුගිය මැතිවරණයෙ ජනතා විමුක්ති පෙරමුණෙ මැතිවරණ ප්‍රචාරණය සදහා තම අපේක්ෂකයන්ගෙ උපාධිය නිර්ලජ්ජිතව භාවිතා කරන ලදී.
    1988/89 අරගලයෙන් පසු නැවත දේශපාලන පක්ශයක් ලෙස ජ.වි.පෙ ප්‍රතිසංවිධානය වීමේදි අද එහි නායකත්වය දරණ අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන දෙදෙනාම තම උපාධිය අවසන් කර පූර්ණකාලින දේශපාලනයෙ යෙදීමට පක්ශයෙන් විශේෂ අවසරයක් ලබා ගන්නා ලදී.
    ඒ සදහා ඔහුන් පක්ශයට ඉදිරිපත් කරන ලද්දෙ නිර්ධනයාගෙ ප්‍රභලම අවිය අධ්‍යපනයයි යන ලෙනින්ගෙ සටන් පාඨය සහ චේ ගුවේරා තම දරුවන්ට හොදින් උගන්වන ලෙස ඉල්ලා තම බිරිදට ලියු අවසන් ලිපියෙ වගන්ති කීපයකි.
    සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යලයට එරෙහි සටන මුල සිටම මෙහෙයවන ලද්දෙ පෙරටුගාමි සමාජවාදි පක්ශය නායකත්වය දෙන අන්තර් විශ්ව විද්‍යල බල මන්ඩලය විසිනි.
    එහි වේදිකාව වඩා පුළුල් වන විට ජ.වි.පෙ ඉතා නිර්ලජ්ජිතව එම වේදිකාවට ගොඩවිය. ඉන්පසු ඔහුන් විසින් එතෙක් පැවති සිසු ජන විය්‍යපාරය පරයමින් සිසු ජන පවුර නමින් සංවිධානයක් අටවාගෙන. සමස්ත වැඩ වර්ජනයක් කැදවන බවට සිසුන්ට කීප වතාවක් ප්‍රසිද්ධියෙ පොරොන්දු විය. එහෙත් ආන්ඩුවේ බළල් අතක් වන ජ.වි.පෙට සමස්ත වැඩ වර්ජනයක් කැදවනවා තියා ඒ ගැන සදහන් පත්‍රිකාවක් බෙදා ගැනීමට ශක්තියක් නොමැති නියාවෙන් වෙනත් ප්‍රාථමික උපක්‍රම හරහා සයිටම් අරගලය තුල තම ඉඩකඩ තහවුරු කර ගැනීමේ බොලද උත්සහයක යෙදී සිටී.
    ගිනිගත් රාත්‍රිය යන සංදර්ශනවාදි විරෝධයක් පමණක් වු අතර එයද තම සමාජිකයන්ට අමුඩ ගස්සවා පාර ඇවිද්දවා කිසිදු ප්‍රතිඵලයක් ලබා නොගත් එදා වේල පිරිමහ ගන්නා විය්‍යමයක් විය.
    සයිටම් සටන ජයග්‍රහණය කිරීමට නම් ජ.වි.පෙ විසින් කරගෙන යන මැතිවරණ ඉලක්ක වැඩ පිළිවල සමාජයට එළි කර ඔහුන් මේ සටනින් ඉවත් කර තබා ගැනීමේ ඉර ලාංකීය ශිෂ්‍ය විය්‍යපාරය විසින් සනිටුහන් කල යුතුමය.
    එසේ නොවුනහොත් ඉතිහාසයෙ පලමු ශිෂ්‍ය සටන් පරාජය ශිෂ්‍ය විය්‍යපාරයට උරුම කර දෙමින් ජ.වි.පෙ පරාජයෙ වගකීම පෙරටුගාමින්ට පටවා තම අත පිසදා ගනු ඇත.

    අරගලයෙ සීමා මායිම් හදුනාගෙන ඉර ඇදගෙන පාවා දෙන්නන් එළි කිරීම යනු සාර්ථක අරගලයක අත්‍යවශ්‍යයම උපාය මාර්ගයක් වනු ඇත.

පූජිත පොලිස්පතිතුමා ශ්‍රී ලංකා පොලිසිය මුහුණ පා ඇති ලොකුම අර්බුධයට සොයා ගත් සාර්ථක විසදුම මෙන්න

පසුගිය දිනක උත්සවයක් අමතමින් පූජිත පොලිස් පතිතුමා ප්‍රකාශ කර සිටියේ පොලිස්සිය හදන හැටි තමන් දන්නා බවයි, හොදින් හෝ නරකින් තමා විශ්‍රාම යෑමට කලින් ශ්‍රී ලංකා පොලිසිය ආසියාවේ හොදම පොලිසීය කිරීම තම අරමුණ බවත් ඒ සදහා කළයුතු හොදම දෙය තමා හදුනාගෙන ඇති බවත් එතුමා මාධ්‍ය වේදීන් හමුවේ ප්‍රකාශ කරන ලදී

නිල ඇදුමට වෙනසක් පොලිසියට නව අරුතක් යන තේමාව යටතේ මේ වසර ඇතුලත පොලිස් කාකි නිළ ඇදුම වෙනස් කිරීම තම සැලසුම බවත් ඉදිරි වසර තුල පොලිසිය නිළ ඇදුම බටහිර රටවල පොලිස් නිළ ඇදුමට සමාන ආකාරයට නිල් පැහැ නිළ ඇදුමක් ලෙස හදුන්වා දීමට තමා දැනටමත් ටෙන්ඩර කැදවා ඇති බව ඒ මහතා මෙහිදී ප්‍රකාශ කරණ ලදී

මෙහිදී නිළ ඇදුම වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීම නාස්තියක් නේ දැයි මාධ්‍ය වේදීන් නැගූ පැණයකට පිලිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කලේ රට ආර්ථික අර්බුධයක් ඇතැයි ඇතමුන් නගන ප්‍රකාශ විශ්වාස කළ නොහැකි බවත් ආර්ථික අර්බුදයක් ඇත්නම් මත් ද්‍රව්‍ය සහ අරක්කු සිගරට් වෙනුවෙන් මේතරම් සුවිසල් මුදලක් මිනිසුන් වියදම් කරන්නේ කෙසෙද යනය.

තව දුරටත් පිලිතුරු දෙමින් එතුමා ප්‍රකාශ කලේ රුපියල් මිළියන ගනනක් වියදම් උවද පොලිස් නිළ ඇදුම වෙනස් කිරීම යුගයේ අවශ්‍යතාවක් බවත් ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීමට පොලිස් දෙපාර්තුමේන්තුවට මෙය ඉතා වටිනා අවස්ථාවක් බවත්ය

එසේම වැඩි දුරටත් අදහස් දක්වමින් පොලිස් පතිතුමා ප්‍රකාශ කලේකාකි නිළ ඇදුම නිසා පොලිස් නිළධාරීන් තුල ඇති හීන මානය දුරු කිරීමට කාටයුතු කිරීම මගින් පොලිස් නිළධාරීන් තුල ආකල්පමය වෙනසක් ඇති කිරීම මගින් කාර්යක්ශම සහ අවංක ජනතා සේවයක් ඉටු කිරීමට පොලිස් දෙපාර්තුමේන්තුවට හැකිවනු ඇති බවයි.

කොළ පාට කාකි ඇදුම අද කාලයේ ජනතාව තුල අප්‍රසාධයට පත්ව ඇති බවත් මහජන සෞඛ්‍ය නිළධාරීන්, තැපැල් කරුවන්, බන්ධනාඝාර නිළධාරීන් ආදී බොහෝ පිරිසක් කාකි ඇදුම ඇදීම නිසා පොලිස් නිළධාරීන්ගේ අනන්‍යතාව ගිලිහී යම නිසා ජනතාවගේ පොලිසියට ඇති ගෞරවය සහ සැලකිල්ල ගිලිහී ගොස් ඇති බව තමන් අවබොධකරගෙන ඇති බව එතුමා එහිදී ප්‍රකාශ කර සිටියේය

එතුමා තවදුරටත් කීවේ තමා හදුන්වා දුන් භාවනා වැඩ සටහනේ ප්‍රතිපළ දැන් දැක ගත හැකි බවත්, නිළධාරීන් ඉතා ප්‍රසන්න ලෙස දවස පටන් ගන්න බව එතුමාට පෙනෙන බවත්, පොලිස් මූලස්ථානයට පැමිනෙන ජනතාව ඉතා සතුටින් පොලිස් සේවය ලබන බවත්ය. ඉදිරියේදී මෙම වැඩ සටහන සෑම පොලිස් ස්ථානයකටම හදුන්වා දීමටත්, භාවනා වැඩ සටහන් වලට අමතරව සති අන්ථ දර්ම දෙෂනා, පිරිත් පින්කම් සහ මහා සන්ඝරත්නය උදෙසා දානමය පූජා වැඩසටහන් සති පතා සන්විධානය කිරීමට තමා රට පුරා ඇති පොලිස් ස්ථාන වලට කාල සටහන්ක් ලබා දීමට තීරණය කර ඇතිබවයි.

මෙම වැඩ සටහනෙහි අරමුණ බුදු දහම මගින් ඇති කරන්නා වූ හික්මීම පොලිස් නිළධාරීන් තුල ඇති කිරීමේන් ඔව්න් යහපත් නිළධාරීන් කිරීමත් එමගින් ඔව්න් අල්ලස් ගැනීමට, සැකකරුවන් හට පහරදීම් කිරීමට හෝ වෙනත් නීති විරෝධී කටයුතු වලින් ඉවත්ව පවට බය ඇති නිළධාරීන් පිරිසක් කිරීම බව එතුමා ප්‍රකාශ කර සිටියේය.

භාවනා වැඩසටහන සහ පොලිස් පති තුමාගේ පහර දීම ගැන පිලිතුරු දුන් එතුමා පැවසූවේ තමන් පොලිස් දෙපාර්ථමේන්තුවේ ප්‍රධානියා සහ අණ දෙන නිළධාරියා බැවින් පොලිස් දෙපාර්තුමේන්තුව තුල සේවා සපයන සියලු පොලිස් නිළධාරීන් සහ පොලිස් නොවන වෙනත් ආයතන සෙවකයන් සහ පොලිස් දෙපාර්තුමෙන්තුවට සෙවා සපයන ආයතන වල සියලු සේවකයන් තම අණ පිලිපැදිය යුතු බවත්, පොලිසිය යනු වෙනත් රාජ්ය දෙපාර්තුමේන්තු මෙන් හිතුන හිතුන අයට හිතන් දේ කළ හැකි තැනක් නොවන බවත් සියල්ල අණ යටතේ පාලනය වන බවත්ය, අණ පිලිපදින්නේ නැති ඔනෑම අයෙක්ට එරෙහිව වේලාවේ හැටියට සුදුසු හොදම පියවර ගැනීමට තමා ඉදිරියටත් පසුබට නොවන බව ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

අවසාන වශයෙන් එතුමා ප්‍රකාශ කෙරුවේ තමා නීතිය නවන බවත් ඇමතිවරුන්ට අවශ්‍ය ලෙස පොලිසිය හසුරවන බවත් තම සතුරන් කරනා ප්‍රකාෂ තරයේ ප්‍රතික්ෂේප කරන බවත්. පොලිස් ඉතිහාසයේ බිහිවූ හොදම පොලිස්පති ලෙස අනාගතයේ තම නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇති බවත්ය, පළ ඇති රුකට ගල් ගසන්නාක් මෙන් ආන්ඩුවට විරුද්ධ රාජපක්ෂ ගැත්තන් තමා ආන්ඩුවේ අතකොලුවක් ලෙස හදුන්වමින් මඩ ගසන බවත් තමා මඩ ඉදිරියේ පරාජය වෙන කෙනෙක් නොවන බවත්ය

නීතිය නවන පූජිත පොලිස්පතිතුමා ශ්‍රී ලංකා පොලිසිය මුහුණ පා ඇති ලොකුම අර්බුධයට සොයා ගත් සාර්ථක විසදුම මෙන්න

පසුගිය දිනක උත්සවයක් අමතමින් පූජිත පොලිස් පතිතුමා ප්‍රකාශ කර සිටියේ පොලිස්සිය හදන හැටි තමන් දන්නා බවයි, හොදින් හෝ නරකින් තමා විශ්‍රාම යෑමට කලින් ශ්‍රී ලංකා පොලිසිය ආසියාවේ හොදම පොලිසීය කිරීම තම අරමුණ බවත් ඒ සදහා කළයුතු හොදම දෙය තමා හදුනාගෙන ඇති බවත් එතුමා මාධ්‍ය වේදීන් හමුවේ ප්‍රකාශ කරන ලදී

නිල ඇදුමට වෙනසක් පොලිසියට නව අරුතක් යන තේමාව යටතේ මේ වසර ඇතුලත පොලිස් කාකි නිළ ඇදුම වෙනස් කිරීම තම සැලසුම බවත් ඉදිරි වසර තුල පොලිසිය නිළ ඇදුම බටහිර රටවල පොලිස් නිළ ඇදුමට සමාන ආකාරයට නිල් පැහැ නිළ ඇදුමක් ලෙස හදුන්වා දීමට තමා දැනටමත් ටෙන්ඩර කැදවා ඇති බව ඒ මහතා මෙහිදී ප්‍රකාශ කරණ ලදී

මෙහිදී නිළ ඇදුම වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීම නාස්තියක් නේ දැයි මාධ්‍ය වේදීන් නැගූ පැණයකට පිලිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කලේ රට ආර්ථික අර්බුධයක් ඇතැයි ඇතමුන් නගන ප්‍රකාශ විශ්වාස කළ නොහැකි බවත් ආර්ථික අර්බුදයක් ඇත්නම් මත් ද්‍රව්‍ය සහ අරක්කු සිගරට් වෙනුවෙන් මේතරම් සුවිසල් මුදලක් මිනිසුන් වියදම් කරන්නේ කෙසෙද යනය.

තව දුරටත් පිලිතුරු දෙමින් එතුමා ප්‍රකාශ කලේ රුපියල් මිළියන ගනනක් වියදම් උවද පොලිස් නිළ ඇදුම වෙනස් කිරීම යුගයේ අවශ්‍යතාවක් බවත් ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීමට පොලිස් දෙපාර්තුමේන්තුවට මෙය ඉතා වටිනා අවස්ථාවක් බවත්ය

එසේම වැඩි දුරටත් අදහස් දක්වමින් පොලිස් පතිතුමා ප්‍රකාශ කලේකාකි නිළ ඇදුම නිසා පොලිස් නිළධාරීන් තුල ඇති හීන මානය දුරු කිරීමට කාටයුතු කිරීම මගින් පොලිස් නිළධාරීන් තුල ආකල්පමය වෙනසක් ඇති කිරීම මගින් කාර්යක්ශම සහ අවංක ජනතා සේවයක් ඉටු කිරීමට පොලිස් දෙපාර්තුමේන්තුවට හැකිවනු ඇති බවයි.

කොළ පාට කාකි ඇදුම අද කාලයේ ජනතාව තුල අප්‍රසාධයට පත්ව ඇති බවත් මහජන සෞඛ්‍ය නිළධාරීන්, තැපැල් කරුවන්, බන්ධනාඝාර නිළධාරීන් ආදී බොහෝ පිරිසක් කාකි ඇදුම ඇදීම නිසා පොලිස් නිළධාරීන්ගේ අනන්‍යතාව ගිලිහී යම නිසා ජනතාවගේ පොලිසියට ඇති ගෞරවය සහ සැලකිල්ල ගිලිහී ගොස් ඇති බව තමන් අවබොධකරගෙන ඇති බව එතුමා එහිදී ප්‍රකාශ කර සිටියේය

එතුමා තවදුරටත් කීවේ තමා හදුන්වා දුන් භාවනා වැඩ සටහනේ ප්‍රතිපළ දැන් දැක ගත හැකි බවත්, නිළධාරීන් ඉතා ප්‍රසන්න ලෙස දවස පටන් ගන්න බව එතුමාට පෙනෙන බවත්, පොලිස් මූලස්ථානයට පැමිනෙන ජනතාව ඉතා සතුටින් පොලිස් සේවය ලබන බවත්ය. ඉදිරියේදී මෙම වැඩ සටහන සෑම පොලිස් ස්ථානයකටම හදුන්වා දීමටත්, භාවනා වැඩ සටහන් වලට අමතරව සති අන්ථ දර්ම දෙෂනා, පිරිත් පින්කම් සහ මහා සන්ඝරත්නය උදෙසා දානමය පූජා වැඩසටහන් සති පතා සන්විධානය කිරීමට තමා රට පුරා ඇති පොලිස් ස්ථාන වලට කාල සටහන්ක් ලබා දීමට තීරණය කර ඇතිබවයි.

මෙම වැඩ සටහනෙහි අරමුණ බුදු දහම මගින් ඇති කරන්නා වූ හික්මීම පොලිස් නිළධාරීන් තුල ඇති කිරීමේන් ඔව්න් යහපත් නිළධාරීන් කිරීමත් එමගින් ඔව්න් අල්ලස් ගැනීමට, සැකකරුවන් හට පහරදීම් කිරීමට හෝ වෙනත් නීති විරෝධී කටයුතු වලින් ඉවත්ව පවට බය ඇති නිළධාරීන් පිරිසක් කිරීම බව එතුමා ප්‍රකාශ කර සිටියේය.

භාවනා වැඩසටහන සහ පොලිස් පති තුමාගේ පහර දීම ගැන පිලිතුරු දුන් එතුමා පැවසූවේ තමන් පොලිස් දෙපාර්ථමේන්තුවේ ප්‍රධානියා සහ අණ දෙන නිළධාරියා බැවින් පොලිස් දෙපාර්තුමේන්තුව තුල සේවා සපයන සියලු පොලිස් නිළධාරීන් සහ පොලිස් නොවන වෙනත් ආයතන සෙවකයන් සහ පොලිස් දෙපාර්තුමෙන්තුවට සෙවා සපයන ආයතන වල සියලු සේවකයන් තම අණ පිලිපැදිය යුතු බවත්, පොලිසිය යනු වෙනත් රාජ්ය දෙපාර්තුමේන්තු මෙන් හිතුන හිතුන අයට හිතන් දේ කළ හැකි තැනක් නොවන බවත් සියල්ල අණ යටතේ පාලනය වන බවත්ය, අණ පිලිපදින්නේ නැති ඔනෑම අයෙක්ට එරෙහිව වේලාවේ හැටියට සුදුසු හොදම පියවර ගැනීමට තමා ඉදිරියටත් පසුබට නොවන බව ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

අවසාන වශයෙන් එතුමා ප්‍රකාශ කෙරුවේ තමා නීතිය නවන බවත් ඇමතිවරුන්ට අවශ්‍ය ලෙස පොලිසිය හසුරවන බවත් තම සතුරන් කරනා ප්‍රකාෂ තරයේ ප්‍රතික්ෂේප කරන බවත්. පොලිස් ඉතිහාසයේ බිහිවූ හොදම පොලිස්පති ලෙස අනාගතයේ තම නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇති බවත්ය, පළ ඇති රුකට ගල් ගසන්නාක් මෙන් ආන්ඩුවට විරුද්ධ රාජපක්ෂ ගැත්තන් තමා ආන්ඩුවේ අතකොලුවක් ලෙස හදුන්වමින් මඩ ගසන බවත් තමා මඩ ඉදිරියේ පරාජය වෙන කෙනෙක් නොවන බවත්ය