අස්ගිරි මහනායක හිමියන්ට සිරිසේන ජනාධිපති වරයා කුණුහරුපෙන් බැණ වදී

බුද්ධ ශාසන ඇමති ධුරය විජයදාස රාජපක්ෂගෙන් ඉවත් කිරීමෙන් පසු ගාමිණී ජයවික්‍රම පෙරේරා හට ලබා දීමට එරෙහිව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් රජයට සිය අප්‍රසාදය පළ කොට ඇත.

විජයදාස මහතා ඉවත් කිරීමෙන් පසු බුද්ධ සාසන අමාත්‍ය ධුරය සිරිසේන ජනාධිපතිවරයා යටතේ තබා ගන්නා ලෙස මහා නාහිමි වරුන් පසුගිය බ්‍රහස්පතින්දා  (24)  පැවති සාකච්චාවකදී සිරිසේන ජනාධිපති වරයාගෙන් ඉල්ලා ඇත. එහිදී සිරිසේන ජනාධිපතිවරයා පොරොන්දු වී ඇත්තේ හරියන කෙනෙකු සොයගන්නතෙක් තමන් අමාත්‍යංශය තබාගන්නා බවයි. එසේ පොරොන්දු වී තිබියදීත් එම තනතුර ගාමිණී ජයවික්‍රම පෙරේරා හට ලබා දුන්නේ කුමන පදනමක් මතදැයි මහා නාහිමිවරුන් ප්‍රශ්න කොට ඇත.

මෙය ආරංචි වූ සිරිසේන ජනාධිපතිවරයා අස්ගිරි මහනායක හිමියන්ට දුරකථන ඇමතුමක් ගෙන අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වැදී ඇති බව වාර්තාවේ.

“තොපි හදන්නේ මට කියලා මැරුම් කන්නද? තොපි මට චන්දෙ දුන්නේ නෑ චන්දෙ දුන්නේ දෙමළ මිනිස්සු. හින්දු කටයුතු ඇමතිකම නොගත්ත මම තොපේ රෙද්දේ සාසන ඇමතිකම අරගෙන කොහොමද දෙමල මිනිස්සු තරහ කරගන්නේ, දෙන ටික කාලා වෙන දේ බලන් හිටපල්ලා පිස්සු යක්කු” ලෙසත් ඉතා පහත් වචන භාවිතා කරමින් මහනායක හිමියන්ට බැණ වැදී ඇති සිරිසේන ජනාධිපතිවරයා කිසිදු හිමිනමකට තමන් හමුවීමට ඉඩ නොතබන ලෙසත් දන්වා ඇත.

වැඩිදුරටත් සොයා බැලීමේදී අපට දැනගන්නට ලැබුනේ, අමාත්‍ය දුර සඳහා නම් නියම කරමින් සිරිකොතෙන් ලැබුණු ලියමනක් (ඊමේල් පණිවිඩයක් විය හැකිය) නිසා ජනාධිපතිවරයා  කෝපයට පත්වී සිට ඇතිබවයි. එවෙලේ ජනාධිපති කාර්යාලයේදී ඔහු කියා ඇත්තේ එක එකාලට ඕනේ විදියට මම නටන්නේ නැති බවයි. නමුත් අපට විස්තර සැපයු නිලධාරියා පවසා සිටියේ ලියමන ලැබී විනාඩි පහක් මත්තෙන් ආ දුරකථන ඇමතුමට පිළිතුරු සැපයු ජනාධිපතිවරයා, “හා සර්, මම එහෙම කරන්නම්” යැයි පැවසූ බවයි.

කෙසේවෙතත් මහනායක හිමිවරුන්ට මෙසේ නින්දිත ලෙස බැනවැදීම එවෙලේ කාර්යාලයේ සිටි සියලුදෙනාගේම පිළිකුලට භාජනය වී ඇත.

Updated: මෙම බැනවදීමෙන් පසු, කේන්තිය පහවයාමෙන් පසුව ජනාධිපතිට සමීපතම එක්තරා නිලධාරියෙක් පහදාදී ඇත්තේ, ඔබතුමා සිදුකරේ නුසුදුසු වැඩක් යන්නයි.  මහනායක හිමිවරු මේ පිලිබඳ ජනමාධ්‍ය දැනුවත් කළහොත් අපකීර්තියක් අතිවිය හැකි බවත්ය.

ඒ අනුව ක්‍රියාත්මක වූ ජනාධිපති මාධ්‍ය ඒකකය මාලිගාවේ රන්වියනට මුදල් වියදම් කිරීම පිලිබඳ පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිට ඇත්තේ උක්ත කරුණ වසන්කර යටපත් කරගැනීමේ උපක්‍රමයක් ලෙසයි. ප්‍රචාරයක් ඉල්ලා ජනාධිපති මාධ්‍ය ඒකකය ජනමාධ්‍ය වෙත යොමුකළ ඉල්ලීම පහත දැක්වේ.

මහනායක හිමිවරු යොමුකලා යයි පැවසෙන ලිපිය.  (මෙම ස්තුති කිරීමේ ලිපිය යොමුකර ඇත්තේ 23 දින අතර, ජනාධිපති වරයා සමග අමාත්‍යධූරය ගැන මහනායක හිමිවරු සාකච්චා කර ඇත්තේ 24 දිනදීය. කෙසේනමුත් ඊයේ 25 දින නැවතත් මහනායක හිමිවරු විමසා ඇත්තේ පොරොන්දු වූ පරිදි කටයුතු නොකළේ මන්ද යන්නයි. එයට කෝපයට පාත් ජනාධිපතිවරයා  බැනවැදී ඇත්තේ ඊයේ (25) උදෑසන වන අතර, රන් වියනට මුදල් වියදම් කිරීමට ප්‍රචාරයක් ඉල්ලා ලිපි යොමු කිරීම දහවල් වන විට සිදුකර ඇත.

වාර්තාව
අන්තර්ජාලය ඇසුරෙනි.

අමරිකා ජනපති සුර්යග්‍රහණය නැරඹු හැටි (ඡායාරූප)

අමරිකාවේ ප්‍රදේශ රැසකට ඊයේ දිස්වු පුර්ණ චන්ද්‍රග්‍රහණය එරට ජනතාව නැරඹූ ආකාරය මේවන විට විදෙස් මාධ්‍ය මගින් හෙළිකර තිබෙනවා.
ජනතාවට උපදෙස් ලබාදී තිබුනේ සුර්යග්‍රහණය සිදුවන අවස්ථාවේදී ඒ දෙස ඍජුව නොබලන ලෙසටයි.
බොහෝ පිරිසක් එම උපදෙස් අනුගමනය කරමින් එය නැරඹූ ආකාරය දැක ගැනීමට හැකියාව ලැබුනා.
වසර 100 කින් පමණ පසු අමරිකාවට දර්ශණය වු පළමු පුර්ණ සුර්යග්‍රහණය මෙය ලෙසටයි සැලකෙන්නේ.
පෘතුවිය මත සිට පිරිසක් සුර්යග්‍රහණය නැරඹු අතර පුද්ගලයන් 6 දෙනෙකු පමණක් මෙන්ම පෘතුවි ගෝලයෙන් පිට ඉතා සමීපව එය නැරඹීමට වාසනාව ලැබුවා.
ඒ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි ගගනගාමීන් 6 දෙනෙක්.
ඔවුන් සුර්යග්‍රහණය සිදුවන අවස්ථාවේදී චන්ද්‍රයා සහ පෘථිවිය අතරින් අවස්ථා 3 කදී එහා මෙහා ගිය බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.
එමෙන්ම ගුවන්යානයක ගමන් කරමින් සුර්යග්‍රහණය නරඹා එය ඡායාරූපගත කිරීමට බී බී සී ආයතනයේ මාධ්‍යවේදියකු සමත්වී තිබෙනවා.
ඒ පෘතුවියේ සිට අඩි 40000 ක් ඉහළ අහසේ සිටයි.
මේ අතර සුර්යග්‍රහණයට පැය කිහිපයකට පෙර ඉපදුනු බිළිඳෙකගේ නමට ඉක්ලිප්ස් (Eclipse) යන කොටස ඇතුලත් කිරීමට ග්‍රීන්විල් ප්‍රාන්ත මව්පිය යුවළක් තීරණය කර තිබෙනවා.
ඒ වසර 100 ක පමණ කාලයකින් පසු පැමිණි පුර්ණ සුර්යග්‍රහණය සැමරීම වෙනුවෙන්. Eclipse Alizabeth Eubanks නම් බිළිඳා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව ග්‍රීන්විල් මෙමෝරියල් රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශකර තිබෙනවා.
විශාල පිරිසකගේ අවධානයට ලක්වු මෙම සුර්යග්‍රහණය නැරඹීමට පාසල් ළමුන් / සංචාරකයන් මෙන්ම අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එක්ව සිටියා.
අමරිකා ජනාධිපතිවරයා ආර්යාව සමගින් එක්ව සුර්යග්‍රහණය නරඹන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.



මිනිස් මුහුණකට සමාන මුහුණකින් යුත් එළුවෙක් අන්තර්ජාලය කළඹයි (ඡායාරූප)

මිනිස් මුහුණක සමානත්වයකින් යුත් හිසක් සහිතව උපත ලැබු එළු පැටවෙකුගේ පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
ඉන්දියාවේ ගමකින් සොයා ගැනුනු මෙම සත්වයාගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන අතර ඒ පිළිබඳ දැඩි කථා බහක් ද නිර්මාණය වී ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.
එමෙන්ම විශේෂයෙන් මෙම සත්වයාගේ නාසය එළුවෙකුගේ නාසයකට වඩා මිනිසෙකුගේ නාසයකට සමානව වැඩී ඇති බව සඳහන්.
එළුවාගේ ඡායාරූප කිසියම් අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබු අතර එය විශාල පිරිසක් අතර හුවමාරු වී තිබෙනවා.

සෞදි සිටින සැමියා ගෙන දෙන්නැයි බිරිදක් ඉල්ලයි

හෘද රෝගයකින් පීඩා විඳින සිය පුතුට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් සෞදි අරාබියේ රැකියාවට ගොස් නඩු කටයුත්තක් හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටින පියෙකු පිළිබඳව තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
2013 වසරේදී විදේශගත වී මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මිණිපේ – අඹගහපැලැස්ස ප්‍රදේශයේ පදිංචි ඩී.එම්.ජයරත්න නැමැති දෙදරු පියෙක්.
බර වාහන රියදුරෙකු ලෙස රැකියාවේ නිරත වී ඇති ඔහු විදෙස්ගත වී මාස කිහිපයකට පසු රිය අනතුරකට ලක්වීමෙන් අනතුරුව යළි දිවයිනට පැමිණ ඇති අතර, නැවත සෞදි අරාබියට ගොස් ඇත්තේ වැටුප් වර්ධක සහ හිඟ වැටුප් ලබාදෙන බවට ඔහු සේවය කළ ආයතනයෙන් කළ දැනුම්දීමකට අනුවයි.
එහෙත් අදාළ අනතුර සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට එරට අධිකරණය විසින් රුපියල් ලක්ෂ 25 ක වන්දියක් ගෙවන ලෙස නියෝග කර ඇති අතර, එසේ නොගෙවන්නේ නම් ජීවිතාන්තය දක්වා සිරගත කරන බව දැනුම්දී ඇතැයි ජයරත්නගේ බිරිද පවසනවා.
මේ වනවිට ඔහු අධික රුධිර පීඩනය හේතුවෙන් සෞදි අරාබියේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන්නේ මිතුරන්ගේ සහය ඇතිවයි.
කඩිනමින් තම ස්වාමි පුරුෂයා දිවයිනට ගෙන්වා දෙන ලෙසයි ඩී.එම්.ජයරත්නගේ බිරිඳ ඉල්ලා සිටින්නේ.

දේවාලයේ අවුල සොයන්න විශේෂ නිලධාරියෙකු කතරගමට

රුහුණු කතරගම මහා දේවාලයේ කපු මහතුන් සහ බස්නායක නිලමේවරයා අතර මතුවූ අර්බුදයක් හේතුවෙන් අලූයම පූජාව නොපැවැත්වීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන තිබෙනවා.
ඊට අදාළව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙකු අද (22) කතරගමට පිටත් කර යැවුණා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර කියා සිටියේ අදාළ වාර්තාව හෙට දිනයේදී ලබාගැනීමට නියමිත බවයි.
කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා සහ කපු මහතුන් අතර ඇතිවු අර්බුදය නිසා අද දේවාලයේ අලූයම පූජාව පැවැත්වුණේ නැහැ.
ඉතිහාසයේ පළමු වරට එවැන්නක් සිදුවූ බවයි දේවාල භාර කපු මහතුන් කිහිපදෙනෙකු ප්‍රකාශ කළේ.
ඒ හේතුවෙන් පූජාවට පැමිණි බැතිමතුන් දැඩි අසීරුතාවයකට පත්ව නොසන්සුන්කාරී ලෙස හැසිරුණා.
කතරගම මහා දේවාලයේ කපු මහතුන් චෝදනා කරන්නේ අද අලූයම එහි පැමිණි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩී.පී.කුමාරගේ කිසියම් පිරිසක් සමඟ පැමිණ දේවාලයේ යතුර බලහත්කාරයෙන් රැගෙන ගිය බවයි.
කෙසේ වෙතත්, කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඞී.පී.කුමාරගේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ දේවාලයේ කපු මහතුන් එය විවෘත කිරීමට ඉඩ ලබානොදී ඊට බාධාවන ආකාරයෙන් කටයුතු කළ බවයි.
අලූයම 4.30ට විවෘත කිරීමට නියමිත දේවාලය පෙරවරු 7 ට පමණ විවෘත කෙරුණේ පොලිසිය ප්‍රදේශවාසීන් සහ බැතිමතුන්ගේ මැදිහත්වීමෙන්.

නියෝජ්‍ය ඇමති රන්ජන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කර ඇති බව පවසමින් බොදු බලසේනා සංවිධානය අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොණු කළා.
එහි සම්බන්ධීකරණ ලේකම් පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙම නඩුව ගොනු කළේ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය සහ විනිසුරුවරුන් විවේචනය කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදී ඇති බව පවසමින්.
පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ.
‘‘ සද්ද විද්ද රාජපක්ෂ පලග පතර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අපොන්සු හෙවත් රන්ජන් රාමනායක කියන චුදිතයාට එරෙහිව තමයි අපි පැමිණිල්ල ගොනු කලේ. හේතුව තමයි ඊයේ දිනයේ අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එලියට ඇවිල්ලා මාධ්‍යවේදින් අමතා ඔහු විසින් ප්‍රකාශයක් කරා මේරටේ අධිකරණය දුෂිතයි අධිකරණයේ විනිසුරුවන් දුෂිතයි කියලා. එමගින් අධිකරණයට දැඩි ලෙස අපහාස සිදුවන අතර අපි මින් ඉදිරියට අධිකරණයට යන්න බලාපොරොත්තු වෙන්නේ නැ. අපේ ගමේ ගොඬේ ප්‍රශ්ණ අපිම විසදාගන්න කටයුතු කරනවා. මොකද කැලැ නිතියෙන්ම මේ ප්‍රශ්නේ විසදගන්න වෙනවා. අධිකරණය වැඩක් නැනේ. ඒ නිසා අනිවාරයයෙන් එස්.බි.දිසානායකට එරෙහිව නඩු තින්දුවක් ලබා දුන්නා අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන්. ඒ හා සමානම නඩු තින්දුවක් මේ වෙලාවේ අපි අධිකරණයෙන් බලාපොරොත්තු වෙනවා. එක නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට මේ නඩුව ගොනු කලේ. ’’ බවයි.

තලෙයිබාන්වරුන්ගෙන් ඇමරිකාවට ක්ෂණික ප්‍රතිචාරයක්

ඇෆ්ගනිස්ථානයට තවත් ඇමරිකානු හමුදා යැවීම සඳහා මඟ හෙලි පෙහෙලි කරමින් එහි සිටින හමුදාව කඩිනමින් ඉවත් කර නොගන්නා බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකල ප්‍රකාශයට ඇෆ්ගන් තලේබාන් සංවිධානය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.
එසේ වුවහොත් 21 වන සියවසේ සුපිරි බලවතා වන ඇමරිකාවට, ඇෆ්ගනිස්ථානය සුසාන භූමියක් වනු ඇතැයි ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබියුල්ලා මුජාහිඩ් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

උද්ධමනයේ සුළු ඉහළ යාමක්

මේ වසරේ ජුලි මාසයේ වාර්ෂික උද්ධමනය පෙර මාසයේ පැවති සියයට 6 යි දශම 1 සිට 6 යි දශම 2 දක්වා සුළු ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව මහබැංකුව ප්‍රකාශ කළා.
ජාතික පාරිභෝගික මිල දර්ශකය සටහන් වී ඇත්තේ දර්ශක අංක 122 යි දශම 4 ක් ලෙසයි.
ආහාර කාණ්ඩයේ ආහාර කාණ්ඩයේ අයිතමවල මිල පහළ යාම මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා.

ක්‍රිකට් පසුබැසීමට පරිපාලනය වගකිව යුතුයි – එජාපය

ක්‍රිකට් ක්‍රීඩාවේ පරාජයට වත්මන් පරිපාලනය වගකිව යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනපතිවරයාට සහ අගමැතිවරයට ද මැදිහත් වීමට සිදුවන බවයි.
මේ අතර, කොළඹ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය පිළිබදව අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලබන පරාජයන් සම්බන්ධයෙන් දෝෂාරෝපණ තමන්ට ද එල්ල වන බවයි.
ජයග්‍රහණ ලබන අවස්ථාවන්වලදී ඊට පුද්ගලයින් රැසක් සිටියත් පරාජයන් ලබන අවස්ථාවලදී එලෙස නොවන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

විස්ස උතුරු මැදින් සම්මතයි – ඒකාබද්ධයේ මන්ත්‍රීවරයෙකු ජනපති හමුවෙයි

පලාත් සභා මැතිවරණය එකම දිනයකදි පැවත්වීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද (22) උතුරු මැද පළාත් සභාවේ අනුමැතිය හිමි වුණා.
ජනාධිපතිවරයා විසින් පළාත් ආණ්ඩුකාර පී.බී.දිසානායක වෙත එවා තිබු මෙම කෙටුම්පත මහ ඇමති පේෂල ජයරත්න විසින් සභාවට ඉදිරිපත් කල අවස්ථාවේදී විපක්ෂ නායක අනිල් රත්නායක ඊට එකගතාවය ලබා දිය යුතු බවට ප්‍රකාශ කිරිමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළකල බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
එහිදී ඔවුන් කියා සිටියේ අද දිනයේ මෙම කෙටුම්පත තමන්ට ලැබුණු නිසා එය අධ්‍යනය කිරීමට කාලය අවශ්‍ය බවයි.
කෙසේ වෙතත්, පසුව පළාත් සභාවේ සභාපති ඞී.එම්.අමරතුංග කෙටුම්පත සම්බන්ධයෙන් ජන්ද විමසීමක් පැවැත්වූ අතර ඊට පක්ෂව ඡන්ද 15ක් හිමිවූ අතර විපක්ෂව ලැබුනේ ජන්ද 13ක් පමණයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අත් ඔසවමින් පනත් කෙටුම්පතට විරෝධය පළ කල අතර, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග ප්‍රධාන අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කෙටුම්පතට පක්ෂව ඡුන්දය භාවිතා කළා.
එමෙන්ම මේ දක්වා ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කල පලාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහද කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිතා කිරීම විශේෂත්වයක්. ඔහු අද ජනාධිපතිවරයා හමුවී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වැඩපිළිවෙලට සහයෝගය ද පළ කර තිබුණා.
මේ අතර, මාර්තු 12 ව්‍යාපාරය විසින් කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවකදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පළාත් සභා මැතිවරණය කල් දැමීමට ගෙන ඇති තීරණය පිළිබදව අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ සාධාරණ කාලයක් තුළ මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකළහොත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි.