ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දෝෂ දර්ශනයට!

පසුගියදා ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රසේන නිමල්සිරි විසින් Daily FT පුවත්පතට “ICAO Secretary General meets Civil Aviation DG” යන ශීර්ෂය යටතේ ලබාදී තිබූ බොරු පුවත ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.

ඔවුන් එම පුවත වහාම නිවැරදි කරන ලෙස දන්වා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊමේල් පණිවුඩ කිහිපයක් යොමුකොට ඇති බවද වාර්තා වේ.

මුලින් ඒපිළිබඳ කිසිදු තැකීමක් සිදුකර නොමැති චන්ද්‍රසේන අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුව ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය නිල වශයෙන් දැනුම්දුන් පසු අදාළ පුවත් නිවැරදි කොට ඇත.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංගමයේ කළමනාකාරවරයකු (Manager) හමුවීම, එහි මහා ලේකම්වරයා (Secretary General) හමුවීම ලෙස හුවා දක්වමින් අනවශ්‍ය ප්‍රචාරයක් ලබාගැනීමට උත්සාහ ගත්තද එයින් සිදුව ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපකීර්තියට ලක්වීමකි.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රසේන නිමල්සිරිට ඊමේල් පණිවුඩයක් යොමු කරමින් පවසා ඇත්තේ තමාගේ ප්‍රසිද්ධිය පිණිස මෙවැනි බොරු පුවත් පළකිරීම වහාම නතර කරන ලෙසයි. තවද මෙවැනි සිදුවීම් වලින් සිදුවන්නේ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පවතින විශ්වාසය පළුදුවීම බවද වැඩිදුරටත් පවසා ඇත.

ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තමා විසින් සිදුකරන ලද දූෂණ හා අක්‍රමිකතා යටපත් කරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර නිලධාරීන් පවා යොදා ගනිමින් සිටින අතර එමගින් සිදුවන්නේ ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර ඉදිරියේ අපකීර්තියට පත්වීමයි.

Previous News

Corrected News

[TheChamp-FB-Comments]

මෝඩි මහින්දයි ගෝටාභයවයි මුණගැහෙන්න මගෙන් අවසර ඉල්ලුවා – මම හා කිව්වා හිටං

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණි අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හිටපු, ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඔහු මුණ ගැසුනේ තම අවසරය මත බව ජනාධිපති මෛත‍්‍රිපල සිරිසේන මහතා පවසයි.

මෙම හමුව සිදුවීමට පෙර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ ගැන තමන්ව දැනුවත් කල බවත් තමන් ඊට අවසර දුන් බවත් ජනාධිපතිවරයා සදහන් කරයි.

සාගලගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පිළියන්දලදී පොලිස් බිල්ලක් ගනී

පිළියන්දල මොරටු පාරේ පසුගියදා (09/05/2017) රාත්‍රී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වැටලීමක් සදහා ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක  කාර්යාංශයේ කණ්ඩායමකට සිදුකල වෙඩි තැබීමකින්  පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නමන අමාත්‍ය ඩීල් සාගල රත්නායක නීතිය නමන පොලිස්පති වැල්ඩින් බාස් පූජිත් ජයසුන්දරගෙන් පරීක්ෂණ වාර්තාවක් කැඳවා තිබේ. මෙය පොලිස් නිලධාරීන්ගේ සේවය හෑල්ලු කිරීමට කැඳවූ වාර්තාවක් බව පොලිසියේ ඉහල නිලධාරීයෙක් පැවසීය.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීයෙකු ප්‍රකාශකළ පරිදි මීට පෙරද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් ​පිළියන්දල ප්‍රදේශයේ වැටලීමක් සදහා ගිය අවස්තාවේ සාගල රත්නායක මහතාගෙන් ලැබුනු උපදෙස් මත නැවත එම කණ්ඩායමට වැටලීම නොකොට එම ස්තානයෙන් පිටත්ව යන ලෙස නියෝග ලැබුණු බවයි.

මෙහි ඇති අරුමය නම් මෙතෙක් සිදුවූ කිසිදු සිදුවීමක් පිලිබඳ ක්‍රියාත්මක නොවූ වාර්තා නොකැඳවූ නීතිය නමන ඩීල් ඇමති මෙම සිදූවීම පිලිබඳ වාර්තා කැඳවීමයි. එමෙන්ම මෙවැනි හදිසි වැටලීමක් සඳහා පිටත්ව යන්නේ  විශේෂ පුහුණුව ලැබූ නිලධාරීන් පමණකි. නීතිය නමන ඇමතිට පැන නැගී ඇති ගැටලුව නම් වෙනකිසිවක් නොව තමාට නොදන්වා මෙවන් වැටලීමට යාමයි. ඩීල් සාගල රත්නායක හා මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවරම් කරුවන් සමඟ සම්බන්ධයක් ඇති බව මෙම සිද්ධියෙන් ඕනෑම අයෙකුට පසක් වේ. අඬබෙර ගසා වැටලීම් සඳහා යන්නේ නැත. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ  නිලධාරීන් තම රාජකාරිය අකුරටම සිදුකර ඇති අතර අවසනාවන්ත ලෙස ඔවුන් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත.කොළඹ නගරය මූලික කරගත් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක අතර මෙවන් බරපතල  වැටලීමක්  සිදුවූ නුදුරුතම අවස්ථාව මෙයයි. මෙය නීතියේ රැහැනට කොටු නොවන්නේ  මෙම ජාවාරම් කරුවන් සමඟ දේශපාලනඥයන්ගේ ඇති සබඳතා හේතුවෙනි.නීතිය නමන ඩීල් ඇමති කල යුතුව තිබුණේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ගණුදෙනු සම්බන්ධව වාර්තාවක් ඉල්ලීමයි ඉන්පසුව මෙම ජාවාරම් කොටු කරගැනීමට ක්‍රමවේදයක් සැකසීමයි. ඩීල් සාගල රත්නායක සිදුකලේ ඒ කිසිවක් නොව තමාට නොකියා මත්ද්‍රව්‍ය වැටලීමට යෑම පිළිබඳ වාර්තාවක් ඉල්ලීමයි.මෙය හොරාට පෙර කෙහෙල් කැන වැට පැනීමකි.

පර්පචුවල් ට්‍රෙෂරීස් යළිත් බැඳුම්කර ගනුදෙනුවක

මහ බැංකුවේ ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර සිද්ධියට චෝදනා ලද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නැවත වරක් බැඳුම්කර මිලදීගැනීමට ඉදිරිපත්ව සිටී. මෙවර රුපියල් මිලියන 21,000 භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සඳහා එම සමාගම ලංසු තබා ඇත. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයත් වන්නේ ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර සිද්ධිය වූ සමයේ මහ බැංකු අධිපතිවරයා වූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන ඇලෝසියස්ටය. මේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ගනුදෙනු කිරීමට තහනමක් පනවා නැති බැවින් ඔවුන්ට ලංසු තැබිමට නීත්‍යනුකූලව හිමිකමක් ඇති බවය.

කෙසේ නමුත් පසුගිය සමයේ දූෂණ වංචා වලට විරුද්ධව මුළු රටෙම් ජනතාව වීදි බස්සවන්නට ලෑස්තියි කියමින් කෑමොර දුන් අනුර කුමාර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ධනවාදී සමාජවාදීන් පිරිස කිසිවක් නොදුටු උන් වගේ ඇස කන් පියා සිටින්නේ රනිල් වික්‍රමසිංහගෙන් ලැබෙන වරප්‍රසාද තමන්ට නොලැබේ යයි බියෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ පසුපෙළ සාමාජිකයන් අතර විශාල කසුකුසුවක් ගොඩනැගෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

රනිල් සිංහයා වේ – මුතුහෙට්ටිට එරෙහිව විනය පරීක්ෂණ – රවී ඇතුළු හොරුන් බියෙන් වෙවුලා යයිද ?

චීන සමාගම වෙත හම්බන්තොට වරාය පැවරීමේ ගිවිසුම සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ නිරීක්‍ෂණ වාර්තාවේ පිටපතක් විපක්‍ෂය වෙත ලබා දීමෙන් නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම බරපතල ලෙස කැබිනට් සම්ප‍්‍රදාය උල්ලංඝණය කර ඇති නිසා ඔහුට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගත යුතු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත. අගමැතිවරයා මෙසේ පවසා ඇත්තේ පෙරේදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදීය.

නියෝජ්‍ය ඇමතිවරයා උත්සාහ කරන්නේ වරාය ගිවිසුම පමා කොට රට ආර්ථික අර්බුදයකට යැවීමේ කුමන්ත‍්‍රණයකට අනුව විය හැකි යයිද අගමැතිවරයා එහිදී සදහන් කර ඇත.

මේ අතර අගමැතිවරයාගේ මේ සිංහ ලීලාව පිලිබඳ රවී ඇතුළු යහපාලන හොරුන් කිහිපදෙනෙක් කතාබහ වී ඇත්තේ, අපේ අගමැතිතුමා කිසිම හොරෙක්ට තක්කඩියෙක්ට බය නෑ… ඒකනේ ඔය මුතුහෙට්ටි වගේ දෙකයි පනහේ උන්ට සද්දේ දාල බයකරගන්නේ කියාය.

SASOF II ඒවියේෂන් අයර්ලන්ඩ් ලිමිටඩ් ශ්‍රී ලංකන් සමාගමට විරුද්ධව නඩු දමයි

කුලී පදනම මත A 330 – 200 වර්ගයේ ගුවන් යානා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලබා දුන් එංගලන්ත සමාගම විසින් ලන්ඩන් නුවර මහාධිකරණයේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.

සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරනු ඇත්තේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම අදාළ එංගලන්ත සමාගම සමග ඇති කරගත් ගිවිසුමට නෛතික බැඳීමක් නොමැති බව පවසා ගුවන් යානා ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට උත්සාහ දැරීම මීට හේතු වූ බව ය.

S.A.S.O.F 2 ඒවියේෂන් අයර්ලන්ඩ් ලිමිටඩ් නැමති මෙම සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම එකඟ වූ කොන්ත්‍රාත්තුවට බැඳී සිටින බවත්, අදාළ කුලී සහ අදාළ මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගම, එංගලන්ත සමාගමට ලබා දිය යුතු බවට මෙම අධිකරණ කටයුතු හරහා බලාපොරොත්තුවේ.

එම ගුවන් යානා ගෙන්වීමට අදාළ ගිවිසුම 2017 වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක තුළ කල් පිරී ඇති අතර, සන්ඩේ ටයිම්ස් වාර්තා උපුටා දක්වූවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, සුරේන් රත්වත්ත මහතා මෙම කොන්ත්‍රාත්තුවේ කාල සීමාව දිගු කොට ඇති බව ය.

පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවය සමග ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුම සාර්ථක වුවහොත් පමණක්, මෙම කොන්ත්‍රත්ත්‍රව දීර්ඝ කරන මෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කොට තිබූ පසුබිමක ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙසේ සිදු කළ බව පුවත් පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සමාඟම සමග ඇති කොටගත් ගිවිසුම ආසාර්ථක වූ පසු S.A.S.O.F 2 ඒවියේෂන් අයර්ලන්ඩ් ලිමිටඩ් සමාගම වෙත ශ්‍රී ලංකන් ගුවන් සමාගම දන්වා ඇත්තේ මෙම කාලය දිගු කිරීම් නොසලකා අදාළ ගුවන් යානා නැවතත්, අදාළ සමාගම වෙත ලබා දෙන බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිකුත් කළ ලිපිය ප්‍රතික්ෂේප කරන බවත්, එහි සඳහන් කරණු ක්‍රියාත්මක කළහොත් එය කොන්ත්‍රාත්තුව කඩ කිරීමක් බවත්, එම ආයතනය පවසා ඇතැයි පුවත් පත් වාර්තාවේ සඳහන්වේ.

වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක්

අද (22/03/2017 ) බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 3 ට පමණ කාරයක්  බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමෙන්තුව තුලට ධාවනය කිරීමට උත්සහ කල පුද්ගලයෙක්ට පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා තිබෙන බව වාර්තාවේ. කෙසේ නමුත් වාහනය පාර්ලිමේන්තුවේ ආරක්ෂක වැටේ වැදී නැවතී තිබෙන අතර කාරය ධාවනය කල පුද්ගලයා විශාල පිහි දෙකක් සමගින් වාහනයෙන් එලියට බැස අසල සිටි පොලිස් නිලධාරීන්ට පහරදී ඇත. මෙහිදී පිහි ඇනුමට ලක්වූ පොලිස් නිලධාරෙයකු මරුමුවට පත්වී ඇති අතර පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ත්‍රස්තවාදියාද මරුමුවට පත්වී ඇති බව CNN සේවය වාර්තා කරයි.

මෙම සිදුවීමෙන් දැනට පුද්ගලයන් 4ක් මරුමුවට පත්වී ඇති අතර තවත් 20කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

බ්‍රසල්ස් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් හරියටම වසරක් සම්පූර්ණවන අඩ දිනයේ සිදු කල මෙම ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ බ්‍රිතාන්‍ය ආරක්ෂා අංශ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Armed police respond outside Parliament during an incident on Westminster Bridge in London, Britain. REUTERS/Stefan Wermuth
Forensics investigators work at the scene after an attack on Westminster Bridge in London, Britain. REUTERS/Hannah McKay
An air ambulance lands in Parliament Square during an incident on Westminster Bridge in London, Britain. REUTERS/Stefan Wermuth
Police assist bystanders during an incident on Westminster Bridge in London, Britain. REUTERS/Stefan Wermuth
Injured people are assisted after an incident on Westminster Bridge in London, Britain. REUTERS/Toby Melville
Injured people are assisted after an incident on Westminster Bridge in London, Britain. REUTERS/Toby Melville
Injured people are assisted after an incident on Westminster Bridge in London, Britain. REUTERS/Toby Melville
An injured woman is assisted after an incident on Westminster Bridge in London, Britain. REUTERS/Toby Melville
An armed police officer assists a woman after an incident on Westminster Bridge in London, Britain. REUTERS/Toby Melville
A woman ducks under a police tape after an incident on Westminster Bridge in London, Britain. REUTERS/Toby Melville
A man lies injured after an incident on Westminster Bridge in London, Britain. REUTERS/Toby Melville
Armed police respond outside Parliament during an incident on Westminster Bridge in London, Britain. REUTERS/Stefan Wermuth
A woman lies injured after an incident on Westminster Bridge in London, Britain. REUTERS/Toby Melville
An injured person lies on the ground after an incident on Westminster Bridge in London, Britain. REUTERS/Toby Melville
Injured people are assisted after an incident on Westminster Bridge in London, Britain. REUTERS/Toby Melville
Armed police respond outside Parliament during an incident on Westminster Bridge in London, Britain. REUTERS/Stefan Wermuth
An injured man is assisted on the footpath under Westminster Bridge after an incident in London, Britain. REUTERS/Toby Melville
Paramedics treat an inured person after an incident on Westminster Bridge in London, Britain. REUTERS/Toby Melville
A woman assist an injured person after an incident on Westminster Bridge in London, Britain. REUTERS/Toby Melville

ත්‍රස්තවාදී කටයුත්තට සම්බන්ධ යයි සැලකෙන පුද්ගලයා

පිහි ඇනුම සිදුකල ත්‍රස්තවාදීයා යයි සැලකෙන පුද්ගලයා ප්‍රථමාධාර ලබාදෙන අයුරු

බැඳුම්කර ආදී හොරකම් වහන්න විගණකාධිපතිගේ බලතල කපා හැරේ – කෝප් එකට සිය මතය කියන්නත් තහනම්

සංශෝධිත විගණන පනත මගින් විගණකාධිපති ආණ්ඩුවේ වෛරක්කාරයකු ලෙස සලකා කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබෙන නිසා තමා සංශෝධිත විගණන පනතට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටි බව විගණකාධිපති ගාමිණී විජේසිංහ පැවසුවේය.

තමාගේ නිරීක්ෂණ සඳහා එවා ඇති සංශෝධිත විගණන පනතේ අවසාන කෙටුම්පත පිළිබඳ තමා කිසිදු මතයක් ඉදිරිපත් නොකරන බව වාචිකව දැනුම් දුන්නේ යැයි ඔහු කීවේය. මුලින් කෙටුම්පත් කළ විගණන පනතට දීර්ඝ කාලයක් තිස්සේ විටින් විට සංශෝධන එක් කිරීම නිසා එය කිසිදු බලයක් නොමැති ලියැවිල්ලක් බවට පත්ව ඇතැයි ඔහු කීය. පනතේ සංශෝධන සිදුකර ඇත්තේ තවත් වෙනසක් කිරීමට ඉඩ නොලැබෙන පරිදි යැයි ඔහු සඳහන් කරයි. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් තමා සතු ස්වාධීන බලතල පවා සංශෝධන මගින් අහිමිකර ඇති බව පවසන විගණකාධිපතිවරයා තවදුරටත් අවධාරණය කරන්නේ විගණනය කිරීමෙන් පසු විගණක මතය ඉදිරිපත් කිරීමේ බලතල පවා විගණන කොමිසමට පවරා ඇති බවයි.

කෝප් කමිටු ආදී පාර්ලිමේන්තු කමිටුවලට සහය දීමේ බලය විගණකාධිපතිගේ රාජකාරියක් ලෙස මුල් පනතේ සඳහන් කර තිබුණද, සංශෝධනය කිරීමේදී එම මුළු ඡේදයම ඉවත්කර තිබීම නිසා තම මතය එම කමිටුවලට ලබාගැනීම අහිමිකර ඇති බව ඔහු පවසයි. කැඳවීමක් ලැබුණහොත් පමණක් තමාට එම කමිටුවලට පැමිණීමට හැකිවන බවද ඔහු පෙන්වා දෙයි. මෙලෙස සංශෝධනය කර තම බලතල කප්පාදුවට ලක්කර ඇත්තේ විගණකාධිපති රාජ්‍ය අංශයේ පවතින දූෂණ, වංචා සහ අවිධිමත් ක්‍රියා නිරතුරුව හෙළිකිරීම නිසා දූෂිත නිලධාරීන්ට ඒවායේ නිරතවීම අපහසුවීම නිසා යැයි ඔහු හෙළි කළේය. මෙම විගණන පනත ගැසට් මගින් ප්‍රකාශයට පත්කළද, එයට දැඩි ලෙස විරෝධතා එල්ලවීමට ඉඩ ඇති නිසා කිසිදු විටෙක එය ක්‍රියාත්මක කළ නොහැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව හෙතෙම පැවසීය.