Update : පළාත් පාලන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

පළාත් පාලන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත වැඩි වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුනා.
එහිදී අදාල පනතට පක්ෂව ඡන්ද 120 ක් හිමිවූ අතර මන්ත්‍රීවරුන් 44 දෙනෙකු ඡන්දය ලබදීමෙන් වැළකී සිටියා.
පළාත් පාලන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතේ කටයුතු නිසා නව දේශීය ආදායම් පනත් කෙටුම්පත මේ මස 30 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.
Update : Friday, August 25, 2017 12.11
————————————————
නව පළාත් පාලන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය නිසා පාර්ලිමේන්තුව මේවන විට උණුසුම් තත්වයක් මතු වී තිබෙනවා.
ඒ, තුන් වන වර කියවීමේදී ඡන්දයක් ඉල්ලුවේද නැද්ද යන්න ඇති වූ විවාදය නිසයි
අවසානයේ ඒකාබද්ධ විපක්ෂය ඉල්ලු ඡන්දය ලබා දීමට කතානායක එකඟ වුනා.
මෙම පනත් කෙටුම්පතේ ඇති වගන්තියකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කළ යෝජනාවකට ද පාර්ලිමේන්තුවේදී මීට ටික වෙලාවකට පෙර පෙර ඡන්ද විමසීමක් පැවත්වුනා.
අදාළ ඡන්ද විමසීමේදී අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 43 ක්, විපක්ෂව ඡන්ද 117 ක් ලැබුණා.
පනත් කෙටුම්පතේ දැක්වෙන්නේ සමෘද්ධි , සංවර්ධන සහකාර හා ග්‍රාම නිලධාරී යන ක්ෂේත්‍ර නිලධාරීන්ට පලාත් පාලන ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්විය නොහැකි බවයි.
ඊට විරුද්ධ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා යෝජනාවක් ඉදිරිපත් කලා.
ඒ සඳහායි ඡන්දය ආරම්භ වූයේ.
මේ සඳහා පාර්ලිමේන්තුවේ ඉලෙක්ට්‍රොනික ඡන්ද විමසීමේ ක්‍රමය භාවිත කළා.

Leave a Reply